2023 සැප්තැම්බර් මස 13 වන දිනට යෙදී තිබෙන 17 වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සැමරුම් උත්සවයට සමගාමීව කතරගම බලකා අණදෙන නිලධාරි කර්නල් කසුන් කිත්සිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන්, බලකා සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් 2023 අගෝස්තු මස 29 වන දින කතරගම කිරිවෙහෙර චෛත්‍ය අභියසදී සහ කතරගම දේවාලය අභියසදී ආගමික වතාවත් පවත්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන් වෙත සෙත් පතා ආශිර්වාද කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල මහතා නව තනතුරේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව 2023 අගෝස්තු මස 23 වන දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මැතිතුමා හමුවිය.
එහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරු කරගන්නා ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල නව තනතුරේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව 2023 අගෝස්තු මස 23 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
එහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරු කරගන්නා ලදි.
දක්ෂිණ ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලිය 2023 අගෝස්තු මස 19 සහ 20 දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති අතර ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 66 දෙනෙකු සහභාගී විය.
මෙම තරඟාවලියේ සමස්ත ශූරතාවය දිනා ගත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රිඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 62ක්, රීදී පදක්කම් 43 ක් සහ ලෝකඩ පදක්කම් 37 ක් ජයග්‍රහණය කරන ලදී.