සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 17වන සංවත්සරය සමරමින් දෙපාර්තමේන්තු ධජයන් ඇතු`t සිය`t බලකා පුහුණු පාසල්හි ධජයන් වෙත අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධින් වහන්සේ අභියස දී
ආශිර්වාද කොට මහ සංඝරත්නය විසින් සෙත් පිරිත් සංජ්ජායනය කර මව්බිම වෙනුවෙන් දිවි පිදු වීරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් හා දැනට රාජකාරියේ නියුතු භට භටවරියන් ඇතු`t සිය`tම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ට ආශිර්වාද කරමින් 2023 සැප්තැම්බර් මස 07 වන දින පස්වරුවේ ජය ශ්‍රි මහ බෝධින් වහන්සේ අභියස දී ආශිර්වාද පුජාවක් පවත්වන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ (එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියාව) පීඑස්සී මැතිතුමා හා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය දිලිනි කෝදාගොඩ මැතිණිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ පිරිස් පාලන, අධ්යක්ෂ පුහුණු, අනුරාධපුර, විල්පත්තු, වව්නියාව, හොරොව්පොතාන යන බලකා අණදෙන නිලධාරින් හා දෙපාර්තමේන්තු භට භට වරියන් ඇතුළු මියගිය රණවිරුවන්ගේ ඥාතීන් සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ (එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියාව) පීඑස්සී මැතිතුමා නව ධුරයේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව 2023 සැප්තැම්බර් මස 07 වන දින අනුරාධපුර අටමස්ථානාධිපති හා නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතනාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු, අටමස්ථාන විහාරයන්හි නායක මාහිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලද අතර මෙම අවස්ථාව සදහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී දිලිනි කෝදාගොඩ මැතිණීයද සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 17 වෙනි දෙපාර්තමේන්තු සංවත්සර දිනයට සමගාමීව අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල මැතිතුමා 2023.09.04 වන දින මහනුවර බලකායේ නිරීක්ෂණ සංචාරයක යෙදුනු අතර එහිදී මහනුවර බලකා අණදෙන නිළධාරී ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජික සාමාජිකාවන් අමතන ලදී.
17 වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සැමරුම් දිනයට සමගාමීව අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 2023 සැප්තැම්බර් 06 වන දින විහාරමහාදේවි ව්‍යාපෘති භාර නිලධාරි ලුතිතන් කොමාණ්ඩර් එම්ජේපීටීඑස් පතිරණ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ හා සිවිල් ආරක්ෂක සාමාජික / සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් මරදාන ශ්‍රී කෛලාසනාදර් ස්වාමි දේවස්ථානයේදී හින්දු ආගමික වතාවත් පවත්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන් වෙත සෙත් පතා ආශිර්වාද කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 17 වෙනි දෙපාර්තමේන්තු සංවත්සර දිනයට සමගාමීව අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.09.04 වන දින මහනුවර දළදා මාලිගාවේදී ශ්‍රී දළදා වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාවක් පවත්වා දෙපාර්තමේන්තු ධජයන් වෙත ආශිර්වාද ලබා ගන්නා ලදී.
එහිදී අධ්යක්ෂ ජනරාල් තුමා මල්වතු පාර්ශවයේ මහා නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් හා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී පඤ්ඤානන්ද ඤානරතන මහා නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදී.