සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු 33000කට ආසන්න සාමාජික පිරිසකගේ නිල ඇදුම් අවශ්‍යතා සැපයීමේදී නිල ඇදුම් මැසීම වෙනුවෙන් වාර්ෂිකව විශාල පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඒ සඳහා රාජ්‍ය මුදල් වැය වීම අවම කිරීමේ අරමුණ පෙරදැරිව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ මඟපෙන්වීමෙන් විල්පත්තු බලකා අණ දෙන නිලධාරිගේ අධීක්ෂණය යටතේ එම බලකා සාමාජික සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද නව ඇඟලුම් කර්මාන්ත ශාලාව, විල්පත්තු බලකා අණ දෙන නිලධාරි ලුතිතන් කර්නල් එස්ඩීඩී රසික කුමාර පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරධනයෙන්, 2023 දෙසැම්බර් මස 20 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කොට නිල ඇදුම් නිෂ්පාදනය කිරීමේ කාර්ය නිල වශයෙන් ආරම්භ කරන ලදී.
විල්පත්තු බලකා ඇඟලුම් කම්හල වෙතින් දිනකට අවම වශයෙන් නිල ඇදුම් 100 ක් සහ උපරිම වශයෙන් 110 දක්වා මසා නිම කිරීමේ ධාරිතාවයකින් යුතු අතර, මෙහි සියලුම කළමණාකරන හා මෙහයෙවීමේ කටයුතු සිවිල් ආරක්ෂක සාමාජිකයින් විසින් සිදු කරනු ලබයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි, දෙපාර්තමේන්තු අධ්යක්ෂ මණ්ඩලයේ හා අවට බලකා අණ දෙන නිලධාරින් අතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරි රාශියකගේ සහභාගීත්වයෙන් නව ඇඟලුම් කම්හල විවෘත කිරීම හා නිෂ්පාදන කටයුතු සිදු කිරීමේ සමාරම්භක උත්සවය පවත්වන ලදී.
ඉහත වැඩසටහනට සමගාමීව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකය විසින් වසර 30කට අධික සේවාකාලයක් සම්පූර්ණ කළ, දැනට විශ්‍රම ලබා ඇති සිවිල් ආරක්ෂක භට ටි 58574 එස් ජයවීර මහතාගේ පවුල වෙනුවෙන්, සේවා වනිතා ඒකකයේ මඟපෙන්වීම සහ මූල්‍ය දායකත්වයෙන් විල්පත්තු බලකා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන්, නිමකළ නව නිවස පවරා දීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා ගරු උප සභාපතිණි ඩබ්ඩී අයෝනි ප්‍රශංසා වික්‍රමසිංහ මැතිණිය ඇතුළු සේවා වනිතා සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.
මෙම වැඩසටහන තුළදී, විල්පත්තු බලකායේ සේවය කරමින් සිටියදී ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හා ප්‍රහාර වෙනුවෙන් දිවි පිදු සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තු සාමාජිකයි 06 දෙනෙකුට අයත් රණවිරු පවුල්හී යැපෙන්නන් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාග සමගින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම, සේවයේ නියුතු සාමාජිකයින්ගේ ගැබිනි බිරින්දෑවරුන් හා ගැබිනි භටවරියන් 10 දෙනෙකු වෙනුවෙන් ඉදිරි කාලයේදී අවශ්‍ය භාණ්ඩ ලබා දීම සහ පාසල් අධ්‍යාපනය ලබන දුවා දරුවන් 30 දෙනකු සඳහා අභ්‍යාස පොත් ප්රදානය කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණිය හා අධ්යක්ෂ ජනරාල්තුමා විසින් සිදු කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සහකාර අධ්‍යක්ෂකවරුන්, සියලුම බලකා, පුහුණු පාසල් සහ විශේෂ ව්‍යපෘති අණදෙන නිලධාරින්ගේ සහභාගීත්වයෙන් 2023 දෙසැම්බර් මස 01 වන දින දෙපාර්තමේන්තු මූලස්ථාන සාකච්ඡා ශාලාවේදී සාකච්ඡාවක් පවත්වන ලදී.
මෙම සාකච්ඡාවේදී අණදෙන නිලධාරින් හට බලකා / පුහුණු පාසල් පරිපාලනයේදී සහ ව්‍යාපෘති පවත්වාගෙන යාමේදී මුහුණ දෙනු ලබන ප්‍රායෝගික ගැටළු හා අපැහැදිළි තත්වයන් පිළිබඳව කරුණු අධ්‍යක්ෂකවරුන් සහ සහකාර අධ්‍යක්ෂකවරුන් වෙත සෘජුවම යොමු කිරීමට අවස්ථාව උදාවූ අතර, එහිදී එම ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාකල යුතු ආකාරය පිළිබඳව පැහැදිළිකිරීම් හා අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකරන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්රතිඵලදායි සහ කාර්යක්ෂම ක්‍රමවේදයක් අනුගමනය කරමින් ඉදිරි ඉලක්කයන් සපුරා ගැනීමට සහ දෙපාර්තමේන්තුවේ ඉදිරි ප්රගමනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම් හා උපදෙස් අධ්යක්ෂ ජනරාල් තුමා විසින් සාකච්ඡාවේදී අණදෙන නිලධාරින් වෙත ලබා දෙන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ (එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියාව) පීඑස්සී නව තනතුරේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව 2023 ඔක්තෝම්බර් මස 17 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු යුද හමුදා මූලස්ථානයේදී හමුවිය.
එහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරු කරගන්නා ලදි.
2023 නොවැම්බර් මස 05 වන දින සිට 15 වන දින දක්වා පිලිපීනයේ නිව් ක්ලාක් නගරයේ පැවති ආසියානු ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් උහන බලකායේ සේවයේ නියුතු කාන්තා උප නියාමක 029398 ඩබ්එල් කුසුමාවතී යන ක්‍රීඩිකාව විසින් මීටර් 400 කඩුළු පැනීමේ තරඟයෙන් ලෝකඩ පදක්කමක් සහ අනුරාධපුර බලකායේ සේවයේ නියුතු කාන්තා උප නියාමක 021067 එච්ඒවීකේ ප්‍රියදර්ශනී ක්‍රීඩිකාව විසින් මීටර් 2000 බාධක දීවීමේ තරඟයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගන්නිමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට හා ශ්‍රී ලංකාවට විශාල කිර්තියක් ලබා දීමට සමත්ව ඇත.
මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලබා දුන් කීර්තිය හා ඔවුන්ගේ ක්‍රීඩා හැකියාවන් ඇගයීමට ලක් කරමින්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී මැතිතුමා විසින් 2023 නොවැම්බර් මස 21 වන දින මූලස්ථාන පරිශ්‍රයේදී ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතාවයන් අගයමින් තවදුරටත් ක්‍රීඩා කටයුතු සිදුකරමින් දෙපාර්තමේන්තුවට හා ශ්‍රී ලංකාව වෙත කිර්ති නාමයන් හා ජයග්‍රහණ රැගෙන ඒම සඳහා අභිප්‍රේරණයක් වශයෙන් තිළිණ ප්‍රදානයක් ද සිදුකරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ (එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියාව) පීඑස්සී මැතිතුමාගේ උපදෙස් පරිදි 17 වන දෙපාර්තමේන්තු සැමරුම් දිනයට සමගාමීව දිවයින පුරා විහිදී ඇති බලකා මුලස්ථාන සහ පුහුණු පාසල් මගින් සමාජ සුභසාධන කටයුතු හා විවිධ වැඩසටහන් සංවිධානය කරන ලදී.
ඒ අනුව පොළොන්නරුව බලකාය මගින් නෙළුම්වැවේ ජලඡ පැලෑටි ඉවත් කර පිරිසිදු කිරීම, මුලතිව් හා විශ්වමඩු බලකා මගින් ලේ දන් දීමේ වැඩසටහන් සංවිධානය කිරීම හා අනෙකුත් බලකා, පුහුණු පාසල් හා විශේෂ ව්‍යාපෘති මගින් වැඩිහිටි නිවාස පිරිසිදු කිරීම, පොදු ස්ථාන පිරිසිදු කිරීම, ශ්‍රමදාන පැවැත්වීම, ආගමික වත්වත් පවත්වා දෙපාර්තමේන්තුවට සෙත් පැතීම සහ දෙපාර්තමේන්තු දිනය සැමරීම වෙනුවෙන් සමාජ සුභසාධන වැඩසටහන් හා විවිධ උත්සව පවත්වන ලදී.