මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වසර දෙකක කාලයක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධුරය හෙබවීමෙන් අනතුරුව 2023 ජූලි මස 12 වන දින එම ධුරයෙන් සමුගන්නා ලදී.
යුද්ධ හමුදාවේ වසර 35ක විශිෂ්ඨ සේවයක් ඉටු කර විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව 2021 ජූලි මස 12 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 09 වන අධ්යක්ෂ ජනරාල් වශයෙන් රාජකාරී භාර ගත් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ මැතිතුමන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටුකරමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය ඉහළමට්ටමකට ගෙන ඒමට නිවැරදි මාර්ගෝපදේශකත්වයක් ලබා දෙන ලදී.
ගාල්ල මහින්ද විද්‍යාලයෙන් හා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු 1986 ඔක්තෝම්බර් 27 වන දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පුහුණුව ඉතා සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිතන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට බැදී දේශීය හා විදේශීය විශේෂ පාඨමාලා හදාරා ඇති එතුමා, දශක තුනක් මුළුල්ලේ පැවති කුරිරු එල්ටීටීඊ ත්රස්තයන් හමුවේ යුද්ධයේදී දක්වන ලද විශිෂ්ඨ දක්ෂතා වෙනුවෙන් රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කමෙන් තුන්වතාවක් පිදුම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
සිවිල් ආරක්ෂක දොපර්තමේන්තුවේ සමාජික සාමාජිකාවන්ගේ හා මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරී කරන ත්‍රිවිධ හමුදා, පොලිස් සෙසු නිලයන්ගේ සහ සිවිල් සාමාජික සාමාජිකාවන්ගේ 2023 වර්ෂය සඳහා පාසල් අධ්‍යාපනය හදාරණු ලබන සියලුම දුවා දරුවන් හට ආධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පාසල් අභ්‍යාස පොත් නොමිලයේ ලබා දීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රංජන් ලමාහේවාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ මඟපෙන්වීම මත සිදුකරන ලදී.
සේවා වනිතා ඒකකය මගින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී නියතු 34000කට ආසන්න සාමාජික සාමජිකාවන්ගේ පාසල් යන දුවා දරුවන් 39306 දෙනෙකු උදෙසා රුපියල් මිලියන 27ක් වටිනා අභ්‍යාස පොත් 136998ක් දිවයින පුරා පිහිටා ඇති බලකා මූලස්ථාන වෙත බෙදා දෙන ලදී.
ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් උත්සවය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි දිවයින පුරා පිහිටි බලකා මූලස්ථාන වෙතින් නිර්මාණය කරන ලද වර්ණවත් පහන් කූඩු ගංගාරාම බුද්ධ රශ්මී වෙසක් කලාපය, බෞද්ධාලෝක වෙසක් කලාපය හා ගාළු මුවදොර වෙසක් කලාපයන් හි ප්‍රදර්ශනය කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සංස්කෘතික කණ්ඩායම විසින් 2023 මැයි මස 05 සහ 06 වන දෙදින බෞද්ධාලෝක වෙසක් කලාපය හා ගංගාරාම බුද්ධරශ්මී වෙසක් කලාප අලංකාරවත් කරමින් බැති ගී ප්‍රසංගය ඉදිරිපත් කරන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි නියෝජ්‍ය අධ්යක්ෂ තාක්ෂණ ලුතිතන් කොමාණ්ඩර් එන්එස් කුමාරජෝති යන නිලධාරීගේ අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පුද්ගල කළමණාකරණ පද්ධතිය, තොරතුරු ආරක්ෂණ ඒකකය හා දෙපාර්තමේන්තු දත්තයන් පහසුවෙන් පරිශීලනය කිරීමට හැකි වන පරිදි අභ්‍යන්තර තොරතුරු වෙබ් අඩවියක් සහිතව තොරතුරු තාක්ෂණ ඒකකයක් මූලස්ථාන පරිශ්‍රෙය්දී 2023 ජූලි මස 05 වන දින ස්ථාපිත කරන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තුල ඇති සංවේදී දත්ත ආරක්ෂා කිරීම සහ පරිශීලනය කිරීම මගින් තොරතුරු තාක්ෂණ පද්ධතින් දියුණුකර ලිපි ද්‍රව්‍ය භාවිතය අවම කිරීම, තාක්ෂණික දියුණුවත් සමඟ වෙනස්වන පරිගණක සේවාවන් දෙපාර්තමේන්තුව තුල ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම ඒකකය ස්ථාපිත කළ අතර, 2023 ජූලි මස 05 වන දින අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානාත්වයෙන්, අතිරේක අධ්යක්ෂ ජනරාල් ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දෙපාර්තමේන්තු පරිශීලකයින්ට පරීශීලයන කිරීම සඳහා නිල වශයෙන් විවෘත කරන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡාවක් 2023 අප්‍රේල් මස 19 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන සාකච්ඡා ශාලාවේදී ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.
මෙහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය, වගකීම් හා ඉදිරි දැක්ම ඇතුළු වී වගාව ප්රමුඛ කර ගනිමින් පත්වාගෙන යනු ලබන කෘෂි ව්‍යාපෘති, වෙනත් ව්‍යාපෘති, ඉදිකිරීම් රාජකාරී, නඩත්තු රාජකාරි, රාජ්‍ය ආයතන ආරක්ෂක සේවා රාජකාරී, විදුලි වැට ඉදිකිරීමේ රාජකාරී, නර්තන සහ සංගීත කණ්ඩායම් ආදියෙහි සේවාවන් ලබා දීම ආදී සේවාවන් මගින් රටේ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා ලබා දෙන්න වූ සුවිශේෂී දායකත්වය පිළිබඳව අධ්යක්ෂ ජනරාල් හා අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරින් සමඟ ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සාකච්ඡා කරන ලදී.
රටේ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා මහඟු මෙහෙවරක් ඉටුකරමින් සිදුකරන්නාවූ සේවාව පිළිබඳව ප්‍රසංශා කළ ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය ඉහළමට්ටමකට ගෙන ඒම සඳහා උරදී ක්‍රියාකරන සියලුම නිලධාරින් හා සාමාජික සාමජිකාවන් ද ඇගයීමට ලක් කරන ලදී.
AIR VICE MARSHAL RS BIYANWILA(RTD)
VSV, USP, MBA(UK), ndc(Ind), psc
Rear Admiral WDEM Sudarshana
RSP, USP, psc, ndu