සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම අනුව අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් විශ්වමඩු, කිළිනොච්චි හා මුලතිව් බලකායන්හි සේවය කරනු ලබන පෙර කිසිදු අවස්ථාවක දී කොළඹ ප්‍රදේශය වෙත නොපැමිණි සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 39 දෙනෙකු හට සුභසාධක කටයුත්තක් වශයෙන් 2024 අප්‍රේල් මස 09 වන දින සිට 12 වන දින දක්වා කොළඹ ප්‍රදේශයේ සංචාරයක නිරිත වීමේ අවස්ථාව උදා කර දෙන ලදී.
2024 අප්‍රේල් 10 දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයෙහි පැවති සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේ ජන ක්‍රීඩා සඳහා සහභාගී වූ අතර එහිදී ඔවුන්ගේ සංස්කෘතික නර්තන අංගයන් ඉදිරිපත් කරන ලදී. මෙම සංචාරය අතරතුරදී ජාතික සත්වඋද්‍යානය, කොළඹ වරාය, කොළඹ වරාය නගරය, නෙළුම් කුළුණ ඇතුළු කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ඔවුනට සියැසින් දැක බලා ගැනීමේ අවස්ථාව උදා විය.
මෙම සංචාරයේදී කොළඹ ප්‍රදේශයේ පොදු කටයුතු හා වාණිජ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අත්දැකීමක් මෙන්ම අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවූ අතර සංචාරක මඟපෙන්වන්නා ලෙස මුලතිව් බලකායේ අණදෙන නිලධාරි මේජර් එස්සී ද සිල්වා ආර්ඩබ්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් හා වෙන්නවත්ත බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්පීකේජී රණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු බලකායේ සාමාජික සාමාජිකාවන් විසින් නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සලසා දෙන ලදී.
පොල්හේන ජල ක්‍රීඩා සංගමය මගින් 13 වන වරට සංවිධානය කළ සමස්ථ ලංකා විවෘත කි.මි. 2 මුහුදු පිහිණුම් තරඟය 2024 අප්‍රේල් මස 07 වන දින මාතර පොල්හේන මුහුදු වෙරළ තීරයේදී පවත්වන්ට යෙදුණු අතර ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පිහිණුම් ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනෙකු සහභාගී විය.
එහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව “ආරක්ෂක සේවා ශූරතා පලිහ” දිනාගත් අතර කාන්තා සිවිල් ආරක්ෂක 026099 ජේඑච් නන්දනී විසින් වයස්ගතම ක්‍රීඩිකාවට හිමි කුසලානය හා තරඟ කරුවන් 200ක් අතරින් 10 ස්ථානය ද සිවිල් ආරක්ෂක උප නියාමක 023810 එන්එස් ප්‍රියසංක විසින් 11 වන ස්ථානය දිනා ගන්නා ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල්, යහසාධක යෝජනාක්‍රමය, සුවසවිය හා සුභසාධක අරමුදලේ ප්‍රධාන අනුශාසක එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අතිරේක අධ්යක්ෂ ජනරාල්, යහසාධක යෝජනාක්‍රමය සහ සුවසවිය අරමුදලේ සභාපති, සුභසාධක අරමුදලේ උප අනුශාසක රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් යහසාධක යෝජනාක්රමයේ 21 වන, සුවසවිය අරමුදලේ 08 වන හා සුභසාධක අරමුදලේ 05 වන මහා සභා රැස්වීම 2024 අප්‍රේල් මස 05 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
පසුගිය වර්ෂයේ පැවති මහා සභා වාර්ථාවන් හා 2022/2023 වර්ෂයේ විගණන වාර්තාවන් සභා සම්මත කර ගැනීම සහ 2024 වර්ෂය සඳහා නව නිලධාරි මණ්ඩලය තෝරා පත් කර ගැනීම සිදුකිරීමෙන් අනතුරුව ඉදිරි වර්ෂය සඳහා යහසාධක යෝජනාක්‍රමය සහ සුවසවිය අරමුදලේ ප්රතිලාභ ගෙවීම හා සුභසාධක අරමුදල මගින් දරන වියදම් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය තිරණ ගැනීම හා ව්‍යවස්ථා සංශෝධනය සඳහා නව යෝජනා සභා සම්මත කර ගන්නා ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ යහසාධක යෝජනාක්‍රමය, සුවසවිය සහ සුභසාධක අරමුදලේ කාර්යය මණ්ඩලයේ සංවිධානයෙන් හා සම්බන්ධීකරණයෙන් සියළුම බලකා නියෝජනය කරමින් දිස්ත්‍රික් නිලධාරින් 14 දෙනෙකු, සිවිල් ආරක්ෂක සාමාජික සාමජිකාවන් 500ක් නියෝජනය කිරීම සඳහා එක් කාරක සභිකයෙකු බැගින් කාරක සභිකයින් 112දෙනෙකු, බලකා/පුහුණු පාසල්/ අනුකලාප විෂය ලිපිකරුවන් 11 දෙනෙකු මහා සභා රැස්වීම සඳහා සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි හා සේවාවනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු සේවාවනිතා ඒකකයේ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් කොවුල් අසිරිය බක්මහ උළෙල 2024 අප්‍රේල් මස 10 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.
සිංහල හින්දු අලුත් අවුරුදු අසිරිය සැමරීම හා සංස්කෘතික අංගයන් පිළිබඳව අනෝන්‍ය අවබෝධය ඇතිකිරීම වෙනුවෙන් විශ්වමඩු, කිළිනොච්චි, මුලතිව් බලකායන්හි සේවය කරන මීට පෙර කිසිදු අවස්ථාවක කොළඹ ප්‍රදේශය වෙත නොපැමිණි සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 39 දෙනෙකු හට සිංහල අලුත් අවුරුදු අසිරිය පිළිබඳව අත්දැකීමක් ලබා ගැනීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් සංවිධානය කළ යාල්පානමෙන් කොලොම්තොට බලා නෑගම් පැමිණීම සහ බක්මහ කුමරිය තරඟය ඇතුළු සංස්කෘතික අංගයන් හා ජනක්‍රිඩා රැසකින් කොවුල් අසිරිය බක් මහ උළෙල විචිත්‍රවත් වන ලදි.
මෙයට සමගාමීව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාවනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද අවුරුදු පොළෙහි බලකා මගින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතීන්හි නිෂ්පාදිත සහල්, මුං ඇට, කව්පි, කුරක්කන්, එළවළු, පළතුරු වැනි කෘෂි නිෂ්පාදන හා අත්කම් භාණ්ඩ ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය ආදිය සහන මිලට අලෙවි කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේතුවට අනුයුක්තව රාජකාරී කරන ත්‍රිවිධ හමුදාව, පොලීසිය සියලුම නිලධාරින් හා සෙසුනිලයන් අතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය, වෙන්නවත්ත බලකාය හා සේරුපිට පුහුණු පාසලේ රාජකාරි කරන සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවාවනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණියගේ සහ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් හා ගරු උප සභාපතිණි ඩබ්ඩී අයෝනි ප්‍රශංසා වික්‍රමසිංහ මැතිණිය සහ අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගීත්වයෙන් සේවා වනිතා ඒකකයේ 2024 වාර්ෂික මහා සභා රැස්වීම හා නව නිලධාරි මණ්ඩලය තෝරා පත්කර ගැනීම 2024 මාර්තු මස 14 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන සාකච්ඡා ශාලාවේදී පවත්වන ලදී.
2024 වර්ෂයේ දී සිදුකිරීමට නියමිත සුභසාධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හා තීන්දු තීරණ ගැනීම සඳහා නව නිලධාරි මණ්ඩලය පත් කිරීම සිදුකල අතර නව ලේකම් වශයෙන් දිස්ත්‍රික් නිලධාරි කේඒඑන් සංජීවනී ද, භාණ්ඩාගාරික ලෙස දිස්ත්‍රික් නිලධාරි සීඑම් පළිහේන ද තෝරා පත් කර ගන්නා ලදි.
මෙහිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරි කරනු ලබන සාමාජික සාමාජිකයිගේ පාසල් අධ්‍යාපනය හදාරණ දුවා දරුවන් 32957 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 18.3ක් වටිනා අභ්‍යාස පොත් බෙදා දීම සංකේතවත් කරමින් අභ්‍යාස පොත් ප්රදානය කිරීම සිදුකල අතර, අම්පාර බලකායේ සිවිල් ආරක්ෂක භට එම් 010911 ආර්බී ධයාපාල, පොලොන්නරුව බලකායේ සිවිල් ආරක්ෂක භට එම් 017538 එන් රෆීන්ගේ ලඟම ඥාතීන් වෙනුවෙන් හා විල්පත්තුව බලකායේ සිවිල් ආරක්ෂක භට එම් 006326 එම්බී චමින්ද දිසානායක වෙනුවෙන් රෝද පුටු පරිත්‍යාග කිරීම සේවාවනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණිය විසින් සිදුකරන ලදි.
ඉන් අනතරුව සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණිය සේවාවනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන විරුමුතු මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාවනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී කර්නල් එච්එම්ඒඩී සරත්චන්ද්‍ර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් බලකා අණදෙන නිලධාරින්ගේ බිරින්දෑවරුන් හා සේවා වනිතා ඒකකයේ කාරකසභික සාමාජිකාවන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
AIR VICE MARSHAL RS BIYANWILA
VSV, USP, MBA(UK), ndc(Ind), psc
Rear Admiral WDEM Sudarshana
RSP, USP, psc, ndu