සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ (එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියාව) පීඑස්සී මැතිතුමාගේ උපදෙස් පරිදි 17 වන දෙපාර්තමේන්තු සැමරුම් දිනයට සමගාමීව දිවයින පුරා විහිදී ඇති බලකා මුලස්ථාන සහ පුහුණු පාසල් මගින් සමාජ සුභසාධන කටයුතු හා විවිධ වැඩසටහන් සංවිධානය කරන ලදී.
ඒ අනුව පොළොන්නරුව බලකාය මගින් නෙළුම්වැවේ ජලඡ පැලෑටි ඉවත් කර පිරිසිදු කිරීම, මුලතිව් හා විශ්වමඩු බලකා මගින් ලේ දන් දීමේ වැඩසටහන් සංවිධානය කිරීම හා අනෙකුත් බලකා, පුහුණු පාසල් හා විශේෂ ව්‍යාපෘති මගින් වැඩිහිටි නිවාස පිරිසිදු කිරීම, පොදු ස්ථාන පිරිසිදු කිරීම, ශ්‍රමදාන පැවැත්වීම, ආගමික වත්වත් පවත්වා දෙපාර්තමේන්තුවට සෙත් පැතීම සහ දෙපාර්තමේන්තු දිනය සැමරීම වෙනුවෙන් සමාජ සුභසාධන වැඩසටහන් හා විවිධ උත්සව පවත්වන ලදී.
1985 අංක 40 දරණ මිනිස්බල උපයෝගිතා සහ පරිපූරක හමුදා පනතේ 52 වගන්තිය යටතේ ශ්‍රී ලංකා පොලිස් සේවාවට සහායවීම සඳහා පරිපූරක හමුදාවක් ලෙස ආරම්භ කළ “ග්රාමාරක්ෂක සේවය” 2006.09.13 වන දින නිකුත් කරන ලද අංක 1462/20 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් “දිවි හිමියෙන් රට රකිමු” තේමාව යටතේ “සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව” නමින් ප්‍රතිසංවිධානය කර, වසර 17ක් පිරීම නිමිත්තෙන් දෙපාර්තමේන්තු දින සැමරුම් උත්සවය අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ (එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියාව) පීඑස්සී මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදී.
2023 සැප්තුම්බර් මස 12 වන දින මොල්පේ ශ්‍රී ගංගාරාම විහාරස්ථායේදී සම්බුද්ධ පූජාවක් හා පිරිත් දේශනාවක් පවත්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට සෙත් පතා ආශිර්වාද කරන ලදී.
2023 සැප්තැම්බර් මස 13 වන දින අධ්යක්ෂ ජනාරාල්තුමා වෙත සම්මාන මුරය පිළිගැන්වීමෙන් අනතුරුව දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් අමතා විවිධ අභියෝග, ගැටළු හා බාධක රාශියකට මුහුණ දෙමින් පැමිණි ගමනේදී මෙම දෙපාර්තමේන්තුව නගා සිටුවීමේ සිට මේ දක්වා, යුද්ධ කාලසීමාව තුල ත්‍රස්තවාදී ප්රහාරයන්ට ලක්ව රටදැය වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කළ 545 ක් වූ උදාරතර රණවිරුවන් ද, පූර්ණ ආබාධිත තත්වයට පත් 17 ක් වූ රණවිරුවන් ද, ආබාධිත තත්ත්වයන්ට පත් 406ක් වූ රණවිරුවන් ද, විශ්‍රාම ගොස් සිටින 3007ක් වූ සිවිල් ආරක්ෂක සාමාජික /සාමාජිකාවන්ව ද ඉතා ගෞරවයෙන් සිහිපත් කර, තවදුරටත් සක්‍රීය සේවයේ යෙදෙමින් දෙපාර්තමේන්තුවේ උන්නතිය උදෙසා කැපවීමෙන් සේවය කරන සියළුම සිවිල් ආරක්ෂක සාමාජික/සාමාජිකාවන් හට මෙන්ම සිවිල් සේවක මහත්ම/මහත්මියන්ට ද මෙම දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවයේ ඉහළම ස්ථානයක් කරා රැගෙන යාමට හැකි ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරන ලදී. ඉන් අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්තුමා ඇතුළු සියලුම නිලයන් හා සෙසු නිලයන් සඳහා දිවා ආහාරය ලබා දෙන ලදී.
2023 සැප්තැම්බර් මස 11 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ (එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියාව) පීඑස්සී මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 17 වන දෙපාර්තමේන්තු සැමරුම් දිනයට සමගාමීව විල්ලෝරවත්ත ශු. කාර්ලෝ බොරොමෙයෝ දෙව් මැදුරේදී කතෝලික ආගමික වතාවත් පවත්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන් වෙත සෙත් පතා ආශිර්වාද කරන ලදී.
මෙම අවස්ථාව සඳහා අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන, අධ්යක්ෂ පාලන, අධ්යක්ෂ පිරිස් පාලන, අධ්යක්ෂ ව්‍යාපෘති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් / නිලධාරිනියන්, මූලස්ථාන අණදෙන නිලධාරි සහ සිවිල් ආරක්ෂක සාමාජික / සාමාජිකාවන් සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර් එස් බියන්විල මැතිතුමා නව තනතුරේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව 2023 සැප්තැම්බර් මස 11 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ආර්ඒයුපි රාජපක්ෂ මැතිතුමා හමුවිය.
එහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සකච්ඡා කිරීමෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරු කරගන්නා ලදි.
17 වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සැමරුම් දිනයට සමගාමීව අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ (එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියාව) පීඑස්සී මැතිතුමාගේ උපදෙස් පරිදි 2023 සැප්තැම්බර් මස 08 වන දින වෙන්නවත්ත අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්එම්සී කමලසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ හා සිවිල් ආරක්ෂක සාමාජික / සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් වැල්ලවත්ත අල් - ඉබ්බ්රාහීමියියා ජුම්මා මස්ජිද් දේවස්ථානයේදී ඉස්ලාම් ආගමික වතාවත් පවත්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන් වෙත සෙත් පතා ආශිර්වාද කරන ලදී.
VSV, USP, MBA (UK), ndc (Ind), psc
Rear Admiral WDEM Sudarshana
RSP, USP, psc, ndu