ආරක්ෂක ආමාත්‍යාංශ අධික්ෂණය යටතේ ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් දීඝවාපි මහා සෑ රඳුන්ගේ හා නීලගිරි චෛත්‍යරාජයාණන්ගේ සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණයන්හි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදු කළ අතර එම අවස්ථාව සඳහා චෛත්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති භාර ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගී විය.
2024 නොවැම්බර් මස 09 වන දින ආරක්ෂක ලේකම් තුමා හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් දීඝවාපි මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු වල වත්මන් ප්‍රගතිය මෙන්ම චෛත්‍යරාජයාණන්ගේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ගඩොල් නිෂ්පාදනය කරන වැඩ භූමිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන ආගමික වතාවත් සිදු කරන ලදී.
ඉන් අනතුරුව, දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය භාර නිලධාරීන් සමඟ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ ආරක්ෂක ලේකම් තුමා පවතින ගැටලු නිරාකරණ සඳහා අවශ්‍ය විසදුම් ලබා දී ප්රතිඵලදායි ඉදිරි සැලසුම් වෙනුවෙන් උපදෙස් ලබා දෙන ලදී.
මෙම නිරීක්ෂණ සංචාරය අතරතුර දී 2024 නොවැම්බර් මස 10 වන දින ගුවන් හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙමින් පවතින අම්පාර ලාහුගල රක්ෂිතයේ පිහිටි ඓතිහාසික නීලගිරි චෛත්‍යරාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රගතිය ද ආරක්ෂක ලේකම්තුමාගේ නිරීක්ෂණයට ලක් විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් විසින් නීලගිරි චෛත්‍යරාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ශ්‍රම දායකත්වය ලබා දෙන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් අමතමින් පැවරී ඇති රාජකාරීන් කාර්යක්ෂමව ප්රතිඵලදායි ලෙස ඉටු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඔවුන් දිරිමත් කරන ලදී.