සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජික සාමාජිකාවන්ගේ විනය නිසි පරිදි පවත්වාගෙන යාම වෙනුවෙන් ස්ථාපිත කරන ලද බලකා විනය පාලක නව තනතුරේ රාජකාරි සඳහා සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨ නියාමකවරුන් 29 දෙනෙකුගේ විසිරයාම හා සහතිකපත් ප්රදානය කිරීමේ උත්සව 2024 ජුලි මස 23 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සහ අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගීත්වයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
අධ්යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ අධ්‍යක්ෂක පිරිස් පාලන බ්‍රිගේඩියර් අයිඩීඩී ප්‍රනාන්දු (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් තුළ විශිෂ්ඨ සේවයක් කරන ලද ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් හට අභිප්‍රේරණයක් සඳහා මෙන්ම බලකා තුළ නිලධාරි සහ සෙසු නිලයන් අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවය වැඩිදියණු කර ගැනීම හා බලකා අණ දෙන නිලධාරින්ගේ පාලන කටයුතු පහසු කර ගැනීමේ අරමුණින් බලකා විනය පාලක නව තනතුර ස්ථාපිත කරන ලදී.
විනය පාලක නව තනතුරේ රාජකාරි පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක් ලබා දීම වෙනුවෙන් 2024 ජුලි මස 01 වන දින සේරුපිට පුහුණු පාසලේදී මෙම පුහුණු පාඨමාලාව ආරම්භ කළ අතර පාඨමාලා කාලය තුළදී, නිල ඇදුම් රෙගුලාසි, ආචාර විධි, උත්සව විධි, චාරිත්‍රානුකූල රාජකාරි, ආයතන සංග්‍රහය සහ නිවාඩු ක්‍රමවේදයන්, වැටුප් ගෙවීම් හා විශ්‍රාම වැටුප් ගෙවීම්, මුදල් රෙගුලාසි හා මුදල් පරිහරණය කිරීමේ පිළිවෙත්, ව්‍යාපෘතින් පවත්වාගෙන යෑමේ ක්‍රමවේදයන්, ලිපි ලේඛණ පරිශීලනය සහ නඩත්තු කළයුතු ලිපි ලේඛණ, සම්බන්ධයෙන් මෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණය හා සමාජ මාධ්‍ය ජාලා භාවිතය ආදි කරුණු ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ දේශන පවත්වා මනා පුහුණුවක් ලබා දෙන ලදී.
මෙම විසිරයාමේ පෙළපාලි අවස්ථාව සඳහා අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නියෝජ්‍ය /සහකාර අධ්‍යක්ෂකවරුන්, මාණ්ඩලික නිලධාරින්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ දිස්ත්‍රික් නිලධාරින් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරන ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ සියලුම සෙසු නිලයන්, සිවිල් කාර්යමණ්ඩල නිලධාරින් අතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ සියලුම සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් සහභාගී විය.