සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාවනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන් නිවාස නොමැති සිවිල් ආරක්ෂක සාමාජික සාමජිකාවන් වෙත නිවාස තනා දීමේ ව්‍යාපෘතිය යටතේ කටුනායක බලකා අණදෙන නිලධාරි කපිතාන් ආර්පීඑස් රණසිංහ ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණයෙන් බලකා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් කාන්තා සිවිල් ආරක්ෂක F 21734 කේපීආර්එම් කලවිටිගොඩ හා ඇයගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස 2024 ජූලි මස 19 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණිය විසින් විවෘත කර පවරා දෙන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ 2023 වර්ෂය සඳහා සම්පූර්ණ නිවාස 13ක් සහ ආර්ධ නිවාස 03ක් ඉදිකිරීම වෙනුවෙන් සේවා වනිතා ඒකකය මගින් මූල්‍ය ආධාර වෙන් කළ අතර, බලකා අණදෙන නිලධාරින්ගේ හා සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන්ගේ ඉමහත් කැපවීම සහ උනන්දුව මත මේ වන විට සියලුම නිවාසවල ඉදිකිරිම් කටයුතු අවසන් කර නිවාස හිමිකරුවන් වෙත පවරා දී ඇත.
මෙම උත්සව අවස්ථාව සඳහා කටුනායක බලකා අණදෙන නිලධාරි සහ සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකා චන්ද්‍රිකා රාජපක්ෂ මැතිණිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් නිලධාරින් ඇතුළු කටුනායක බලකායේ සාමාජික සාමාජිකවන් සහභාගී විය.