සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත 2024 වෙසක් උත්සවයට සමඟාමිව බලකා මගින් සුභසාධන වැඩ සටහන් සංවිධානය කරන ලදි.
ඒ අනුව, උහන බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩීඑල්වයිඒ ලක්පුර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ මධ්‍යම කඳවුර රෝහලේ අවශ්‍යතාවයන් සඳහා මධ්‍යම කඳවුර උප කලාපයේ රාජකාරී කරනු ලබන සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 60 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ලේ දන් දීමේ වැඩසටහනක් 2024 මැයි මස 20 වන දින මධ්‍යම කඳවුර රෝහල් පරිශ්‍රයේදී සිදු කරන ලදී.
පොළොන්නරුව බලකා අණදෙන නිලධාරි ඩීඑම්ආර්කේබී නවරත්න ආර්ඩබ්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් දිඹුලාගල රෝහල් වෛද්‍ය නිලධාරිගේ සහ කාර්යමණ්ඩලයේ සහයෝගයෙන් බෝ නොවන රෝග හඳුනා ගැනීම වෙනුවෙන් වෛද්‍ය සායනයක් 2024 මැයි මස 27 වන දින පොළොන්වනරුව බලකා මූලස්ථානයේ දී සිදු කළ අතර, එහිදී සිවිල් ආරක්ෂක සාමජිකයින් 100කට ආසන්න පිරිසකගේ රුධිර/මුත්‍රා නියැදි පරීක්ෂාව හා අධි රුධිර පීඩන පරීක්ෂාවකින් පසු හදුනාගත් අයවලුන් අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
කිළිනොච්චිය බලකාට අයත් සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් මුඛ සෞඛ්‍ය පිළිබඳව සායනයක් බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේඑම්කේජීආර් කෝනාරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් කිළිනොච්චිය රෝහලේ දන්ත වෛද්‍ය වසීකරි මනෝකරන් මහත්මිය හා දන්ත වෛද්‍ය ඇන්ඩනුජා මහත්මිය ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2024 මැයි මස 27 වන දින කිලිනොච්චි බලකා මුලස්ථානයේ දී පවත්වන්ට යෙදුණි, එහිදී සිවිල් ආරක්ෂ සමාජිකයින් 300කට ආසන්න පිරිසකගේ මුඛ සෞඛ්‍ය ගැටළු සඳහා විසදුම් ලබා දුන් අතර මුඛ පිළිකා සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ද මෙම සායනය අතරතුරදී සිදුකරන ලදී.