අම්පාර නාමල්තලාව ශෛලබිම්බාරාම මහා විහාරස්ථානයේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවර්ණය කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2024 මැයි මස 23 වන දින සිදු කරන ලදී.
මෙම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම ආචාර්ය කිරිඳිවැල ශ්‍රී සෝමරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීම මත, විහාරාධීෂ්වර ගම්පහ නාරද හිමියන්ගේ අනුශාසනා පරිදි, අම්පාර බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඊආර්කේ එදිරිමුණි ආර්ඩබ්පී නිලධාරිගේ අධීක්ෂණයෙන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අම්පාර බලකා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරන ලදී.
මෙම සංචාරය අතරතුරදී, සිවිල් ආරක්ෂක සාමාජිකයිගේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය වන දීඝවාපිය චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු හා අම්පාර CSD සැලුන් ව්‍යාපෘතිය, දීඝවාපිය මැටි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපෘතිය නිරීක්ෂණය කළ අධ්යක්ෂ ජනරාල්තුමන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි ප්රගමනය හා කාර්යභාරය වෙනුවෙන් ඉටුකල යුතු රාජකාරි හා වගකීම් සම්බන්ධයෙන් අම්පාර බලකා සාමාජික සමාජිකාවන් දැනුවත් කරන ලදී.
අම්පාර ප්‍රදේශයේ තොරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දුවා දරුවන් වෙනුවෙන් පාසල් අභ්‍යාස පොත් ප්රදානය කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවාවනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණිය විසින් සිදුකරන ලදී.
පහළලන්ද පුහුණු පාසලේ අණදෙන නිලධාරි මේජර් එච්වීසීජේ හපුආරච්චි ආර්ඩබ්පී යූඑස්පී නිලධාරිගේ ආරාධනයෙන් පහළලන්ද පුහුණු පාසලේ නිරීක්ෂණය කළ අධ්යක්ෂ ජනරාල් තුමන් එහිදී සිවිල් ආරක්ෂක සාමාජික සමාජිකාවන්ගේ රාජකාරීන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ද සිදුකරන ලදී.