ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වන වෙසක් උත්සවය නිමිත්තෙන් “බුද්ධ රශ්මි” වෙසක් කලාපයේ ගාලුමුවදොර වෙසක් කලාපය තෙවන දිනය ආලෝකමත් කිරීම ජනාධිපති ලේකම් ඊඑම්එස්බී ඒකනායක මහතා හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සමඟින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් විදුලි ආලෝකය දල්වා වෙසක් තොරණ විවෘත කිරීමෙන් අනතුරුව, ගාලුමුවදොර පරිශ්‍රය වෙත පැමිණෙන සියලුම බැතිමතුන් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන බත් දන්සල ආරම්භ කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු බලකා මූලස්ථාන වෙතින් නිර්මාණය කරන ලද දර්ශණීය පහන් කූඩු 17 ක් ගාළු මුවදොර බුද්ධ රශ්මී වෙසක් කලාපය, බෞද්ධාලෝක වෙසක් කලාපය හා දියවන්නාඔය වෙසක් කලාපයන් ආලෝකමත් කරමින් ප්‍රදර්ශනය කල අතර බුද්ධ රශ්මී වෙසක් කලාපය පිවිසුම් තොරණ ඇතුළුව කොළඹ අලියා වටරවුමේ සිට ශ්‍රීමත් මොහාමඩ් මැකන් මැල්කන් මාවත දෙපස මිටර් 1600 ද බම්බලපිටිය සිට තුම්මුල්ල දක්වා මිටර් 600ක් හා හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ සිට කොස්වත්ත හංදිය දක්වා මිටර් 700ක් මඟ දෙපස 10” X10” ප්‍රමාණයේ අටපට්ටම් කූඩු 1500 ප්‍රදර්ශනය කර ආලෝකමත් කරන ලදී.
අධ්‍යක්ෂක පිරිස් පාලන බ්‍රිගේඩියර් අයිඩීඩී ප්‍රනාන්දු (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් නියෝජ්‍ය අධ්යක්ෂ තාක්ෂණ, මණ්ඩලික නිලධාරි ඉදිකිරිම් හා නඩත්තු අංශ භාර නිලධාරින් ඇතුළු එම කාර්ය මණ්ඩය සමාජිකයින් සහ බලකා සාමාජිකයින්ගේ ඉමහත් කැපවීම හා ශ්‍රම දායකත්වයෙන් කොළඹ වෙසක් කලාප වර්ණවත් කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තුව මගින් සිදු කරන ලදී.
දියවන්නාඔය වෙසක් කලාපයේ තුන්වන ස්ථානය වෙන්නවත්ව බලකාය ද බුද්ධරශ්මි වෙසක් කලාපයේ විවෘත අංශයේ හත්වන ස්ථානය ත්‍රිකුණාමලය බලකාය හා නවවන ස්ථානය මහඔය බලකාය මගින් නිර්මණය කළ පහන් කූඩු සඳහා හිමි වූ අතර බෞද්ධාලෝක වෙසක් කලාපය මඟින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඇගයීම් සහතිකයක් ප්‍රධානය කරන ලදී.