ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මාණ්ඩල ප්‍රධානී ගරු සාගල රත්නායක මැතිතුමා 2023 මාර්තු මස 24 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
මූලස්ථානයට සපැමිණි ප්‍රභූවරුන් අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා විසින් පිළිගත් අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා ඉදිරි දැක්ම පිළිබඳව අධ්යක්ෂ ජනරාල්තුමා හා අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මූලස්ථාන පරිශ්‍රයේ රාජකාරි කටයුතු ද නිරික්ෂණය කරන ලදී.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශ සහ ජනාධිපති කාර්ය මාණ්ඩල ප්‍රධානී ගරු සාගල රත්නායක මැතිතුමා විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් අමතමින් “සියවසකට පියවරක්” යන තේමාව යටතේ ඉදිරි විසිපස් වසර සඳහා වන ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රවේශයට අනුගත වෙමින් පැවරෙන සියලුම වගකීම් කැපවීමෙන් හා හැකි උපරිම අයුරින් ඉටු කිරීමටත්, රටේ සංවර්ධනය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාව කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගනිමින් මෙම දෙපාර්තමේන්තුවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකිරීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නිලධාරින් හා සාමාජික සාමාජිකාවන් දැනුවත් කරන ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් සමරු සටහනක් සහ සමූහ ඡායාරූපයකට පෙනි සිටිමින් සංචාරය අවසන් කරන ලදී.