2022 නොවැම්බර් මස 18 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා වැලිඔය බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
වැලිඔය බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ගයාන් විජේතුංග විසින් අධ්යක්ෂ ජනරාල් තුමාව පිළිගත් අතර අධ්යක්ෂ ජනරාල්තුමා විසින් කඳවුරු භූමියේ පැළයක් රෝපනය කිරීමෙන් අනතුරුව බලකා සාමාජික සාමාජිකාවන් අමතා දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් තම රාජකාරින් සිදු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.
එහිදී අධ්යක්ෂ ජනරාල් තුමා කිරිඉබ්බන්වැව කම්හල් ව්‍යාපෘතිය, සම්පත්නුවර හෙළවිරු ඇගළුම් හල, සම්පත්නුවර යල කන්නයේදී වගාකරන ලද වී අස්වැන්නේ ගබඩාව සහ වැලිඔය බලකාය මගින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘති පරීක්ෂා කරන ලදී.
මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ ව්‍යාපෘති බ්‍රිගේඩියර් අනුර දිසානායක, වැලිඔය බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ගයාන් විජේතුංග, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරන නිලධාරි ලුතිතන් කර්නල් විජිත සිල්වා සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි ව්‍යාපෘති මේජර් ජගත් විජේතුංග ද සහභාගී විය.