සේරුවිල බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් බීආර්යූපී අබේරත්නගේ ආරාධනයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා සේරුවිල බලකායේ ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා අධ්යක්ෂ ව්‍යාපෘති බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක (විශ්‍රා) හා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරන නිලධාරි ලුතිතන් කර්නල් විජිත සිල්වා සමඟ පසුගිය දා සහභාගී විය.
මෙහිදී අධ්යක්ෂ ජනරල්තුමා බලකායේ අභිනවයෙන් ඉදිකල භට නිවාසය විවෘත කිරීමෙන් හා නව භට නිවස්නයට මුල්ගල තැබීමෙන් පසු සියලුම සාමාජික සාමාජිකාවන් අමතා ඔවුන්ගේ ගැටළුවලට විසදුම් ලබා දීමෙන් අනතුරුව සේරුවිල බලකාය මගින් පවත්වාගෙන යනු ලබන ගඩොල් ව්‍යාපෘතිය සහ සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ විසින් බලකාය වෙත ලබා දී ඇති අක්කර 50ක පමණ භූමියේ කෘෂි ව්‍යාපෘති සහ වෙනත් බෝග ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා භූමිය නිරීක්ෂණය කිරීමේ කටයුතු සිදුකළ අතර, මීට අමතරව වෙනත් කෘෂි ව්‍යාපෘති, අඹ හා අන්නාසි ව්‍යාපෘති මෙන්ම ඉතාමත් සාර්ථකව සිදුකරගෙන යනු ලබන කාබනික පොහොර නිෂ්පාදනය ද අධීක්ෂණය කරන ලදී.
සේරුවිල බලකාය මගින් මාවිල්ආරු ජලාශයට යාබදව පවත්වාගෙන ගිය අක්කර 300ක කෘෂි ව්‍යාපෘතිය මහ කන්නයේදී ද නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමෙන් අනතුරුව ඒ සඳහා සුදුසු කටයුතු සිදුකරන මෙන් අධ්යක්ෂ ව්‍යාපෘති හා බලකා අණදෙන නිලධාරී වෙත උපදෙස් ලබා දෙන ලදී.
මෙම නිරීක්ෂණය කටයුතු අතුරතුරදී සේරුවාවිල මංගල මහාසෑය වැදපුදාගත් අධ්යක්ෂ ජනරල්තුමා මංගල රජමහා විහාරයේ විහාරාධිපති අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.