බෞද්ධයා නාලිකාව මගින් ආගමික සිද්ධස්ථාන වෙත පැමිණෙන ඇවිදීමේ අපහසුතා ඇති බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් රෝද පුටු අධ්යක්ෂ ජනරල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී උපේන්ද්‍රා කාරියවසම් මැතිණිය විසින් කතරගම දේවාලය, කිරිවෙහෙර හා සිතුල්පව්ව විහාරස්ථාන වෙත භාරදීම පසුගිය දා සිදුකරන ලදී.
කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍යපාද කොබවක ධම්මින්ද නායක ස්වාමීන්වහන්සේ වෙත රෝද පුටු 03ක් ද, සිතුල්පව්ව විහාරස්ථානයේ විහාරාධිපති මැතරඹ හේමරතන ස්වාමීන්වහන්සේ වෙත රෝද පුටු 03ක් සහ කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමා වෙත රෝද පුටු 05ක් පරිත්‍යාග කරන ලද අතර මෙම අවස්ථාව සඳහා කතරගම බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එල්ජීකේ කිත්සිරි ද සහභාගී විය.
ඉන් අනතුරුව අධ්යක්ෂ ජනරාල්තුමා කතරගම මහා දේවාලයේ පෙරහැර සඳහා සහභාගිවූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නර්ථන කණ්ඩායම් ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත ස්තූති ප්‍රසංශා සිදුකරන ලදී.