සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් පරිදි ගෝමරන්කඩවල බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඒඅයි හෙට්ටිආරච්චිගේ මඟ පෙන්වීම මත ගෝමරන්කඩවල බලකා ප්‍රදේශයට අයත් පාසල්, පෙර පාසල්, තිරියාය ආර්යුවේද මධ්‍යස්ථානය, විහාරස්ථාන, රජයේ රෝහල් හා ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානය ආදී ස්ථානයන්හි මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක් සතියක කාලයක් පුරා පවත්වන්නට යෙදුණි.
ගෝමරන්කඩවල ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරින්ගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාජික සමාජිකාවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම සත්කාරය සිදුකරන ලදී.