වසර 2300කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික කූරගල රජමහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය වතුකුඹුරේ ධම්මරතන හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ‘යලි පිබිදෙන කූරගල’ මැයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර සැදැහැවත් බෞද්ධ බැතිමතුන්ගේ ආධාර උපකාර ඇතිව යුධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදිකෙරුණු විහාරාංග වසරකට අඩු කාලසීමාවක් තුල ඉදිකිරීම් අවසන් කර ලෝකවාසී බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා සඟසතුකොට පූජාකිරීමේ පුන්යෝත්සවය 2022 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් පුන් පොහෝය දින පවත්වන්නට යෙදුණි.
එයට සමගාමීව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනාරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ අධ්යක්ෂ පිරිස් පාලන කර්නල් එස්ඩබ්එස්පීඒඩබ්එම්ආර්ජේඑස්බී රත්වත්තේ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 2022 මැයි මස 19 වන දින ගිලන්පස බුද්ධ පූජාව, බැති ගී ගායනය, වෙසක් කූඩු ප්‍රදර්ශණය සහ දන්සල කූරගල පූජා භූමියේදී පවත්වන්නට යෙදුණු අතර එම අවස්ථාව සඳහා කතරගම බලකා අණදෙන නිලධාරි කර්නල්එල්ජීකේ කිත්සිරි, කූරගල විශේෂ ව්‍යාපෘති භාර නිලධාරී මේජර් ආර්එස්එම් විජේසිංහ යන නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාජික සාමාජිකවන්ද සහභාගී විය.