ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජික සාමාජිකාවන්ගේ රුධිරය, දහදිය, කඳුළු මතින් වසර 30ක් පුරා පැවති කුරිරු එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදය ලක් ධරණී තලයෙන් මුලිනුපුටා දමා වසර 13ක් සැමරීමේ ජාතික උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල දී 2022 මැයි මස 19 වන දින පවත්වන්නට යෙදුණු අතර මෙම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති තුමන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාද සහභාගි විය.
දශක තුනක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුඳවා ගැනීමේ ක්‍රියාන්විත වලදී ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව මහත් වූ සේවයක් ඉටු කරමින්, තර්ජිත ගම්මාන ආරක්ෂා කරමින්, ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරී කළ ත්‍රිවිධ හමුදාවට සහයෝගය ලබා දෙමින් නිදහස් දේශයක් මතු පරපුර උදෙසා දායාද කිරීමේ ක්‍රියාන්විතයේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජික සාමාජිකාවන් 545 දෙනෙකු මාතෘ භූමිය වෙනුවෙන් තම ජිවිත පුජා කළ අතර 423 දෙනෙකු රණක්ෂිතයට පත්විය.