සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා 2022 මාර්තු මස 10 වන දින විල්පත්තු බලකාය මගින් ඉදිකරණු ලබන ඇගළුම් කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු නිරික්ෂණ කළේය.
විල්පත්තු බලකා අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එච්එස් ජයරත්න නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ දැනට විල්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන මෙම ඇගළුම් කර්මාන්ත ශාලාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලක පවත්වාගෙන යාම සඳහා දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිවන නව ඇගළුම් කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කර 2022 වසරේ සැප්තැම්බර් මස සිට ඇගළුම් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන මෙන් අධ්යක්ෂ ජනරාල් තුමා විසින් මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.