බද්දේගම, සංදරවල, ගනේගම හැඩිදෙමළ කන්ද රත්නගිරි පුරාණ දුටුගැමුණු රාජමහා විහාරාධිපති ගාලු ගඟබඩ පත්තුව, වැල්ලබඩ පත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක මහෝපාද්‍ය ශ්‍රී සරණංකර සුමන නායක හිමිපානන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සංකල්පයක් අනුව දායක කාරකාදීන්ගේ ධන පරිත්‍යාගයෙන් දුටුගැමුණු රාජමහා විහාරස්ථානයේ වාහල්කඩ ඉදිකිරීමේ කටයුතු 2022 පෙබරවාරි මස 27 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හා රාජ්‍ය ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
ඉන් අනතුරුව —උපධ්‍යාය˜ පදවියෙන් පිදුම් ලද වැලිවිටියේ ශ්‍රී සුමන නාහිමි වෙත විජිනිපත ප්රදානය කිරීම ගරු ආරක්ෂක ලේකම්තුමාගේ සුරතින් සිදුකරන ලද අතර, මෙම අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පුජ්‍යපාද නාරම්පනාවේ ආනන්ද නාහිමියන් ඇතුඵ මහා සංඝරත්නය ද, වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ප්‍රදේශීය දේශපාලඥයින්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා හා උපේන්ද්‍රා කාරියවසම් මැතිණිය ඇතුළු සම්භාවනීය ගිහි ආරාධිත අමුත්තන් ද මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී විය.