සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් මත සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ මඟපෙන්වීම යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකය මගින් දෙපාර්තමේන්තු සාමාජික සාමාජිකාවන් 36,758 දෙනෙකුගේ පාසල් යන දුවා දරුවන් 39,747 දෙනෙකු සඳහා නොමිලේ පාසල් අභ්‍යාස පොත් බෙදා දීම සංකේතවත් කරමින් පවත්වන ප්‍රධාන උත්සවය 2022 ජනවාරි මස 20 වන දින සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකා යුධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී සුජීවා නෙල්සන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම උත්සවය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මැතිණිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිණි උපේන්ද්‍රා කාරියවසම් මැතිණිය ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී වූ අතර, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකය මගින් පාසල් අභ්‍යාස පොත් ලබා දීමට මිලියන 12ක ප්‍රතිපාදන වෙන් කළ අතර, ඊට අමතරව ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් දුවා දරුවන් 04 දෙනකු සඳහා ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ලබා දීම ද, අපොස උසස් පෙළ විභාගයේදී විද්‍යා, වාණිජ, කලා යන විෂයධාරා තුනෙන් වැඩිම ලකුණු ලබා ගෙන විශ්වවිද්‍යාල වරම් ලැබූ දුවා දරුවන් 03 දෙනෙකු සඳහා ලැප්ටොප් පරිගණක ලබා දීම ද මීට සමගාමීව සිදුකරන්නට යෙදුණි.