මායිම් / තර්ජිත ගම්මානවලට ආරක්ෂාව සැපයීම පිණිස ස්වේච්ඡා සේවාවක් ලෙස 1980 දශකයේ මැද භාගයේදි ජාතික ග්රාමරක්ෂක සේවය ස්ථාපිත කරන ලදී. ඔවුන්ගේ නිල ඇඳුම් දුඹුරු පැහැයෙන් යුක්ත වූ අතර බෝර 12 තුවක්කු ඔවුනට ලබා දෙන ලදී. ඔවුනට දීමනා කිසිවක් ලබා නොදුන් අතර සමුපකාර හරහා වියළි සලාක පමණක් ලබා දෙන ලදී.
ඉන් අනතුරුව ඔවුනට දෛනික දීමනාවක් ගෙවනු ලැබූ අතර පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරනු ලැබිය. පුහුණු කටයුතු හොරණ කුඹුක කඳවුරේ දි සිදු කරන ලදී.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2006 සැප්තැම්බර් 13 දිනැති අංක 1462/20 දරන ගැසට් නිවේදනය මගින් සමස්ත ග්රාමරක්ෂක සේවය ප්‍රතිව්‍යුහගත කරමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලදී.
ඒ අනුව සිවිල් ආරක්ෂක භට සංඛ්‍යාව 41,500 දක්වා ඉහළ නැංවූ අතර එක් මසක හමුදා පුහුණුවක් හඳුන්වා දී හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුම් වර්ග දෙකක් ඔවුනට නිකුත් කරන ලද අතර සාධාරණ වැටුපක් ද ගෙවන ලදී. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ලෙස හමුදා නිලධාරියෙක් (රෙයාර් අද්මිරාල් තනතුර) පත්කරීම ද සිදුවිය.
එළෙස පළමුව පත්කළ අධ්යක්ෂ ජෙනරාල්වරයා වූයේ රෙයාර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා වන අතර වත්මන් අධ්යක්ෂ ජෙනරාල්වරයා වනුයේ රෙයාර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතායි. වඩා යහපත් පරිපාලනයක් සඳහා දෙපාර්තමේන්තුවට ආරක්ෂක හමුදා සහ පොලිස් නිලධාරීන් 58 ක් අනුයුක්ත කර ඇත.