-
මාතෘ භූමියේ තිරසර සංවර්ධනය නංවාලීම සඳහා උපරිම දායකත්වය ලබා දෙමින් මෙම වසරේදී “සියවසට පියවරක් ” යන තේමාව යටතේ 75 වන ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 පෙබරවාරි 04 වන අද දින ගාළු මුවදොරදී උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.
ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සමඟින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ සම්මාන පෙළපාලිය සඳහා අභිමානවත් අයුරින් සහභාගී විය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමන්ගේ පූර්ණ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත බටහිර තූර්යවාදක කණ්ඩායම සමඟ නිලධාරින් 16 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 364 දෙනෙකු මෙවර සම්මාන පෙළපාලියේ ගෞරවාන්විතව ගමන් ගන්නා ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ධජය මේජර් ජගත් විජේතුංග විසින් රැගෙන යන ලද අතර, සම්මාන පෙළපාලියේ අණ දෙන්නා ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් දුමින්ද රසික කුමාර සහ පෙළපාලියේ පසුපසින් ගමන් කරන්නා ලෙස පස්වන ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිලධාරි ඩීඑම් සෙනෙවිරත්න කටයුතු කරන ලදී.
පිරිමි සම්මාන කණ්ඩය ලුතිතන් කර්නල් දුමින්ද රසික කුමාරගේ අණදීම යටතේ කණ්ඩ භාර යුධ හමුදා නිලධාරින් තිදෙනෙකු සහ සිවිල් ආරක්ෂක සාමාජිකයින් 81 දෙනෙකුගෙන් සමන්විතව ගමන් ගත් අතර, සිවිල් ආරක්ෂක දිස්ත්‍රික් නිලධාරිනියන් හතර දෙනෙකුගෙන් හා සිවිල් ආරක්ෂක සාමාජිකාවන් 81 දෙනෙකුගෙන් සමන්විත කාන්තා සම්මාන කණ්ඩය මේජර් චමිල අකලංකගේ අණදීම යටතේ ගමන් කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නන්දිමිත්ර බලකායට අයත් විශේෂ ප්‍රහාරක කණ්ඩය මේජර් උදිත සිල්වාගේ අණදීම යටතේ කණ්ඩ භාර සිවිල් ආරක්ෂක දිස්ත්‍රික් නිලධාරින් හතර දෙනෙකුගෙන් හා නන්දිමිත්ර විශේෂ පුහුණුව ලැබූ සිවිල් ආරක්ෂක සාමාජිකයින් 81 දෙනෙකුගෙන් සමන්විතව 75 වන නිදහස් දින සැමරුම් පෙළපාලියේ තම ආචාරය පිරිනමමින් ගමන් කරන ලදී.
-
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාවනිතා ඒකකය මගින් මෙහෙයවනු ලබන මූලස්ථාන විරුමුතු පෙර පාසැල හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සිඟිති දුවා දරුවන්ගේ වාර්ෂික විවිධ ප්‍රසංගය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ සහ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි උපේන්ද්‍රා කාරියවසම් ලමාහේවාගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස 13 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
“Bottom of the Sea” තේමාව යටතේ මෙම ප්‍රසංගය සංවිධානය කර තිබූ අතර සිඟිති දුවා දරුවන්ගේ විවිධ නර්ථන හා රංගන අංගයන් රැසකින් මෙම ප්‍රසංගය අලංකාරවත් විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් උදේනි සේරසිංහ මැතිතුමා, සේවාවනිතා ඒකකයේ උප සභාපතිනි මේනකා සේරසිංහ මැතිණිය, අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරුන් ඇතුළු සේවාවනිතා ඒකකයේ ක්‍රියාකාරී ගරු සාමාජිකාවන් හා විරුමුතු පෙර පාසලේ දුවා දරුවන්ගේ දෙමාපියන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
-
සිංගප්පූරුවේ පදිංචි දීපානි අබේකෝන් මහත්මියගේ හා වෛද්‍ය චන්න ජිනසේන මහතාගේ මුල්‍ය පරිත්‍යාගයෙන් ජාතික නා මල් උයනේ භාරකාරීත්වය දරණ වනවාසී රාහුල හිමියන්ගේ සංවිධාන ශක්තියෙන් නා මල් උයන අවට ගම්මානවල වාසය කරන අඩු ආදායම් ලාභී ජනතාවගේ පාසල් යන දුවා දරුවන් සඳහා පාසල් අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ ප්රදානාත්වයෙන් 2023 ජනවාරි මස 06 වන දින ජාතික නා මල් උයනේදී සිදු කරන ලදී.
ඉන් අනතුරුව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා ගල්කිරියාගම පුහුණු පාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර 75 වන ජාතික නිදහස් දින පෙළපාලිය සඳහා සහභාගීවන සාමාජික සාමාජිකාවන් අමතා නිසි අයුරින් පුහුණුවීම් කටයුතු සිදුකර දෙපාර්තමේන්තුවට කීර්තියක් හා අභිමානයක් ලබා දෙන අයුරින් නිදහස් දින පෙළපාලිය සඳහා සහභාගී වීමට සූදානම් වන ලෙස උපදෙස් ලබා දී ඔවුන්ගේ සුභසාධන කටයුතු පිළිබඳව ද සොයා බලන ලදී.
මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ පුහුණු ලුතිනන් කර්නල් චම්ලි රත්නායක, ගල්කිරියාගම පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් රෝහන තාරුකාරත්න ද සහභාගී විය.
-
2023 ජනවාරි මස 02 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා උදා වූ 2023 නව වසර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ටත්, සෙසු සාමාජික / සාමාජිකාවන්ටත් සිවිල් සේවක මහත්ම මහත්මීන්ටත් සියල්ලන්ගේම පවුල්වල සාමාජික සාමාජිකාවන්ටත් සාමය සතුට සපිරි වාසනාවන්ත සුභ නව වසරක් වේවායි ප්‍රර්ථනා කිරීමෙන් අනතුරුව 2023 වසරේ රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවා නව වසරේ රාජකාරී ආරම්භ කරන ලදී.
මෙහිදී “සියවසකට පියවරක්” යන තේමාව යටතේ 2023 – 2048 ඉදිරි විසිපස් වසර සඳහා වන ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රවේශයට අනුගත වෙමින් පැවරෙන සියලුම වගකීම් කැපවීමෙන් හැකි උපරිම අයුරින් ඉටු කිරීමටත්, වර්තමානයේ පවත්නා ආර්ථික අර්බුදය කෙටි කාලයකින් ජය ගැනීම සඳහා රජය මගින් ක්‍රියාවට නංවන කාර්යන්ට ශක්තියක් වෙමින්, රජ්‍ය වියදම් අවම කරමින්, රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමටත් ආහාර සුරක්ෂිතතාව තහවුරු කරනු වස් අවශ්‍ය ආහාර රට තුළම නිෂ්පාදනය කිරීමටත් රාජ්‍ය සේවකයින් ලෙස සිය රාජකාරී වපසරියෙන් ඔබ්බට යමින් දෙපාර්තමේන්තුවට ගෞරවයක් ඇතිවන අයුරින් තම රාජකාරී ඉටුකරමින් මෙම ජාතික වගකීම ඉටු කිරීමට කැපවවීමෙන් කටයුතු කරන ලෙස අධ්යක්ෂ ජනරාල් තුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාව සඳහා අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් උදේනි සේරසිංහ මැතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරින්, සෙසු නිලයන් සිවිල් සේවක මහත්ම මහත්මීන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ සාමාජික සාමාජිකාවන් සහභාගී විය.
-
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිදු වූ අසිරිමත් නත්තල සමරනු වස් 2022 වර්ෂයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව 2022 දෙසැම්බර් මස 19 වන දින සිට 31 වන දින දක්වා ජනාධිපති ලේකම් කdර්යාල පරිශ්‍රය, නෙළුම් කුළුණ හා බෞද්ධාලෝක මාවත දෙපස නත්තල් කලාප ලෙස නම් කරමින් සැමරුම් වැඩසටහන් හා සැණකෙළි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
එම වැඩසටහන් වලට සමගාමිව 2022 දෙසැම්බර් 19 වන දින ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ නත්තල් කැරොල් ප්‍රසංගය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකවන්ගේ මූලිකත්වයෙන් සිදුකරන ලද අතර ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට නත්තල් සැණකෙළි භූමියේදී දෙපාර්තමේන්තු බටහිර තූර්යවාදක කණ්ඩායමේ හා නර්තන කණ්ඩායමේ සංදර්ශන ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා, අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් උදේනි සේරසිංහ මැතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින් සහභාගී වූ අතර නත්තල් සැණකෙළි භූමියේ ස්ථාපිත සේවාවනිතා සුභසාධක සහන සැලෙහි විකිණීමට ඇති දේශීය සහල්, රෙදිපිළි, අත්කම් භාණ්ඩ හා අභ්‍යාස පොත් ආදිය අධ්යක්ෂ ජනරාල් තුමා නිරීක්ෂණය කරන ලදී.