2017-10-14 දින අධ්යක්ෂ ජනරාල්තුමාගේ අනුරාධපුර බලකා සංචාරය සිදුවිය.
ලෝක ළමා දිනයට සමගාමීව සේවා වනිතා ඒකකය මගින් වැල්ලවත්ත ජිනානන්ද ළමා නිවාසය සඳහා දහවල් දානය පිරිනැමීම ගරු සභාපතිනි ලක්ෂ්මී පල්ලේගම මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2017-10-01 දින පැවැත්විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කරාතේ ක්‍රීඩා අංශය විසින් සංවිධානය කළ අන්තර් බලකා කරාතේ තරඟාවලියේ අවසන් මහා තරඟ 2017.10.28 දින අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් කොළඹ නගර සභා පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්විය. මෙම තරඟාවලියේ ශූරතාව කිලිනොච්චි බලකා මූලස්ථානය විසින් ලබා ගත් අතර, දෙවන ස්ථානය වෙන්නවත්ත සහ පොලොන්නරුව බලකායන් විසින් ලබා ගන්නා ලදී.
පොළොන්නරුව ජයන්තිපුර කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපිත කරන ලද ජල පෙරණ යන්ත්‍රය අධ්යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් සේවා වනිතා ඒකයේ ගරු සභාපතිනි ලක්ෂ්මී පල්ලේගම මැතිණියගේ සුරතින් 2017-09-30 දින විවෘත කරන ලදි.
අනුරාධපුර සහ මිහින්තලය නගර කේන්ද්‍ර කර ගනිමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු දිනය තුන්වන වරටත් උත්කර්ශවත් අයුරින් සැමරීය. සැප්තැම්බර් මස 12 දින ආරම්භක දිනය වූ අතර එදින උදෑසන ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී දෙපාර්තමේන්තු ධජය සහ සියලූම බලකා හා පුහුණු පාසල් ධජයන්ට සෙත් පැතීය. සම්මාන මුරය පිළිගැන්වීම සහ රණවිරු ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පවත්වා මියගිය රණවිරුවන් අනුස්මරණ කර පසුදින උදෑසන මිහින්තලය පුහුණු පාසල් පරිශ්‍රයේදී මහා සංඝරත්නය උදෙසා දානය පිළිගැන්වීමෙන් අනතුරුව තෙවන සැමරුම් උළෙල නිමා විය.
මෙම උත්සව අවස්ථාවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මැතිතුමා, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ලක්ෂ්මී පල්ලේගම මැතිණිය, අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මැතිතුමා, ඇතුලූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලූම අධ්යක්ෂ මණ්ඩලය, සියලූම බලකා අණදෙන නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිවිපිදු රණවිරුවන්ගේ ඥාතීන් විශාල පිරිසක් ද සහභාගි වූහ.