News Highlights
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි දෙපාර්තමේන්තු 16 වන සංවත්සරයට සමගාමීව සියලුම බලකා මූලස්ථාන මගින් ආගමික වතාවත්, සමාජ සත්කාරක වැඩසටහන් සහ විවිධ උත්සව පවත්වන්නට යෙදුණි.
ත්‍රිකුණාමලය බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් බන්දුල රත්නායකගේ මඟපෙන්වීම මත අටවිසි බුද්ධවන්දනා වැඩසටහන් හා ආශිර්වාද බෝධි පූජාවන් කන්තලේ මහමෙව්නාව භාවනා මධ්‍යස්ථානයේදී හා ගල්පොකුණ රජමහා විහාරස්ථානයේදී පවත්වන ලදී.
බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් අනුරුද්ධ ගුණතිලකගේ අධික්ෂණය යටතේ මහඔය බලකායේ සාමාජික සාමාජිකාවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මහඔය මූලික රෝහල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් හා බලකා මූලස්ථාන පරිශ්‍රයේදී පිරිත් දේශනාවක් පවත්වා දහවල් දානමය පිංකමක් පවත්වන ලදී.
මහනුවර බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් රංජිත් කරුණාරත්නගේ ඉල්ලීම පරිදි පොල් වගා මණ්ඩලයේ මාතලේ කළමණාකරු වසන්ත පමුණුගේ, ස්ථානභාර නිලධාරි පසිඳු ශීවන්ත හා බලගොල්ල ග්‍රාම නිලධාරි විරසිංහ යන මහත්වරුන්ගේ දායකත්වයෙන් සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන්ට සහ මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට පොල් පැළ 500ක් ප්රදානය කිරීම සහ සුසරණ ලංකා සමාජ සංවර්ධන පදනමේ සභාපති නුවරඑළිය කටුමාන ශ්‍රී සීතවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලහිටියාගොඩ සුමනරතන ස්වාමීන්වහන්සේගේ මඟපෙන්වීම මත පූජ්‍ය වැල්ගිරිය සුමංගල ස්වාමීන්වහන්සේ විසින් මහනුවර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 30ක් සඳහා වියළි සළාක ප්රදානය කිරීමද මෙහිදී සිදුකරන ලදී.
මොණරාගල බලකාය මගින් පොකුණුගල රජමහා විහාරස්ථාන භූමිය පිරිසිදුකර දාන ශාලාවේ දිරාපත් වූ වහලය පිළිසකර කිරීම හා පිළිසරණ වැඩිහිටි නිවාසය අවට පිරිසිදු කිරීමෙන් අනතුරුව වැඩිහිටියන් වෙත දිවා ආහාරය පිළිගැන්වීම බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ධම්මික මොරවැටියේගෙදර නිලධාරි සහ සමාජික සාමාජිකාවන් විසින් සිදුකරන ලදී.
ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථාන භූමිය ශුද්ධ පවිත්‍ර කිරීමෙන් අනතුරුව වෙන්නවත්ත බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් චමින්ද කමලසිරි ඇතුළු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ආශිර්වාද බෝධි පූජාවක් පැවැත්විය.
සේරුවිල බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් උපුල් අබේරත්නගේ මඟපෙන්වීම මත අනුකලාප කාර්යාල ප්‍රදේශයන්ට අයත් විහාරස්ථාන පිරිසිදු කර බෝධි පූජාවක් පැවැත්වූ අතර සේරුවිල බලකා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරඟාවලියක් පවත්වන්නට යෙදුණි.
හොරොව්පොතාන බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් අවිශ්ක බස්නායකගේ අධීක්ෂණය මත මොරකෑව මහා විද්‍යාලය සහ රජයේ රෝහල් භූමිය පිරිසිදු කිරීම හා බලකා මූලස්ථාන කාර්යාලයේදී ධර්ම දේශනයක් පවත්වන ලදී.
වැලිඔය බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් නන්දන විජේසිංහගේ මූලිකත්වයෙන් පදවිය, ශ්‍රී පුර, මහසෙන්පුර රෝහල් හා කිරිඉබ්බන්වැව මෙහෙණි ආරණ්‍ය පරිශ්‍රයන්හි පිරිසිදු කිරීමේ ශ්‍රමදාන පවත්වා වැලිඔය බලකා මූලස්ථාන බොමළුව අසලදී ආශිර්වාද බෝධි පූජාවක් පැවැත්විය.
විශ්වමඩු බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සම්පත් සේනානායකගේ මූලිකත්වයෙන් පූලියන් පොක්කනෛයි නාගත්බීරාන් කොවිලේදී හින්දු ආගමික වතාවත් පවත්වන ලදී.
- விவரங்கள்
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව 2022 සැප්තැම්බර් මස 23 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මූලස්ථානයට සපැමිණි රාජ්‍ය අමාත්‍යතුමාව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා විසින් පිළිගැනීම සිදුකළ අතර, සිවිල් ආරක්ෂක සම්මාන මුරය පිළිගෙන, මූලස්ථාන පරිශ්‍රයේ සිහිවටන පැළයක් රෝපණය කළ අමාත්‍යතුමා දෙපාර්තමේන්තු මූලස්ථානයේ රාජකාරි කටයුතු පිළිබඳව ද නිරීක්ෂණයක නිරත විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා ඉදිරි දැක්ම පිළිබඳව අධ්යක්ෂ ජනරාල්තුමා ඇතුළු අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් උදේනි සේරසිංහ හා අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරින් සමඟ සාකච්ඡා කළ රාජ්‍ය අමාත්‍යතුමා, සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව රටේ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා ලබා දෙනු ලබන සුවිශේෂී දායකත්වය සම්බන්ධයෙන් ප්‍රශංසා කළේය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් තවදුරටත් රටේ සංවර්ධනය වෙනුවෙන් කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගැනීම සඳහා දිරිගන්වමින් දෙපාර්තමේන්තුවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නිලධාරින් හා සාමාජික සාමාජිකාවන් දැනුවත් කරන ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් අධ්යක්ෂ ජනරාල්තුමා විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා වෙත සමරු තිළිණයක් ප්රදානය කරන ලදී.
- விவரங்கள்
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට වසර 16 ක් පිරීම නිමිත්තෙන් 2022 සැප්තැම්බර් මස 09 වන දින අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි අධ්යක්ෂ පිරිස් පාලන කර්නල් ජනක රත්වත්තේගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවක් හා ගිලන්පස බුද්ධ පූජාවක් පවත්වා දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන්ට ආශිර්වාද කිරීම සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා මහනුවර බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් රංජිත් කරුණාරත්න සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් ද සහභාගී විය.
- விவரங்கள்
1984 දී බෝර දොළහේ තුවක්කුවත් රැගෙන නිසි නිල ඇඳුමක් රහිතව සිය ගම්බිම් ආරක්ෂා කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ස්වදේශ ආරක්ෂකයින් 1985 අංක 40 දරණ මිනිස්බල උපයෝගිතා පරිපූරක හමුදා පනතේ 52 වගන්තිය මගින් ශ්‍රී ලංකා පොලිසියට සහායවීම සඳහා පරිපූරක හමුදාවක් ලෙස පිහිටුවන ලද “ග්රාමාරක්ෂක සේවය” 2006.09.13 වන දින නිකුත් කරන ලද අංක 1462/20 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් “දිවි හිමියෙන් රට රකිමු” තේමාව යටතේ ප්‍රතිසංවිධානය කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ “16 වන සැමරුම් උත්සවය” අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ සහභාගීත්වයෙන් 2022 සැප්තැම්බර් මස 13 වන දින දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පවත්වන්නට යෙදුණි.
සම්මාන මුරය පිළිගන්වා අධ්යක්ෂ ජනරාල්තුමා පිළිගැනීමෙන් අනතුරුව බෞද්ධ ආගමික වතාවත් පදරංගල සමිත ස්වාමීන්වහන්සේ විසින් පවත්වන ලදි. ඉන් අනතුරුව දෙපාර්තමේන්තු දිනය වෙනුවෙන් සියලුම නිලධාරින් හා සාමාජික සාමාජිකාවන් ඇමතීම අධ්යක්ෂ ජනරාල්තුමා විසින් සිදු කරන ලදී.
ශ්‍රී ලංකා යුධ හමුදා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය මගින් නිර්මාණය කරන ලද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන්ගේ තොරතුරු ඇතුළත් මානව සම්පත් කළමණාකරණ පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජීඑල්එස්ඩබ් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදු කරන ලදී.
මානව සම්පත් බලගැන්වීමේ සහ මනෝවිද්‍යා උපදේශීකා, අභිප්‍රේරණය (Motivation) පිළිබඳ හා යෝගා පිළිබඳ උපදේශීකා, වෘත්තීය මනෝවිද්‍යා සම්මේලනයේ සාමාජීකා, හරිත දිවිය මනෝ උපදේශණ සේවයේ සහ යෝගා මධ්‍යස්ථානයේ නිර්මාතෘ වසන්ති රාජපක්ෂ මහත්මිය විසින් අභිප්‍රේරණ හා මනෝවිද්‍යා දේශනයක් පවත්වන්නට යෙදුණි.
ඉන් අනතුරුව දීඝවාපිය පුදබිමේ උද්‍යාන අලංකරණය සඳහා රෝපණය කිරීමට අවශ්‍ය නා පැල පුජා කිරීම අධ්යක්ෂ ජනරාල් තුමා විසින් සිදු කළ අතර සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ ඉල්ලීම පරිදි ග්‍රේටර් ගිවින් පදනමේ නිර්මාතෘ ඉෂාංකි ගුණසේකර මෙනවිය හා ත්‍රිකුණාමලය කින්යාහි ස්ථාපිත අසිසා පදනමේ සහ හසනාත් අනාථ නිවාසයේ සභාපති සාදීක් හසීම් මහතා විසින් පරිත්‍යාග කරන ලද සහන මලු සහ වියලි ආහාර මලු දෙපාර්තමේන්තු සාමාජික, සාමාජිකාවන් වෙත පරිත්‍යාග කිරීම සිදු කරන ලදී.
අධ්යක්ෂ පුහුණු කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සහනෝදා පදනමේ සභාපති පූජ්‍ය හපුතලේ පඤ්ඤාරාම නායක ස්වාමීන් වහන්සේ හා කොළඹ දිස්ත්‍රික් මහලේකම් ප්‍රදීප් යසරත්න, මොරටුව ප්‍රාදේශිය ලේකම් ඉසංකා උක්වත්ත, ග්‍රීන් ලංකා පැලතවානේ අධිපති එස්කේ බ්රර්නි ලංකා යන මහත්වරුන්ගේ අනුග්‍රහයෙන් ලබා දුන් එළවළු පැල, බීජ හා කාබනික පොහොර මලු මූලස්ථාන සේවක මණ්ඩලය වෙත බෙදා දෙන ලදී.
සේවා වනිතා ඒකකයේ ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා උප සභාපතිණි මේනකා සේරසිංහ මැතිණිය ඇතුළු සේවා වනිතා කමිටු සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සේවා වනිතා කාරක සභා රැස්වීම පවත්වන ලදී.
- விவரங்கள்
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපනය කර වසර 16 ක් පිරීම නිමිත්තෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු දිනය සැමරීම 2022 සැප්තැම්බර් මස 13 වන දිනට යෙදී ඇති බැවින්, එයට සමගාමීව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි අධ්යක්ෂ පාලන බ්‍රිගේඩියර් විජිත වීරක්කොඩිගේ ප්‍රධානත්වයෙන් 2022 සැප්තැම්බර් මස 08 වන දින මොරටුව රාවතාවත්ත සුරතාවියන්ගේ රාජේශ්වරී දේවස්ථානයේදී පවත්වන්නට යෙදුනි.
මෙම අවස්ථාවේදී දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන්ට සෙත් පැතීම ගරු ටෙරන්ස් පියතුමා විසින් සිදුකල අතර මූලස්ථාන අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කමල් දයාප්‍රිය ඇතුළු නිලධාරින් සහභාගීවිය.
- விவரங்கள்