ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් තංගල්ල මහා රෝහලේ සිව් මහල් වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වය ලබා දෙන මෙන් අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමන් ගෙන් කළ ඉල්ලීමට අනුව කතරගම බලකා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එල්ජීකේ කිත්සිරි නිලධාරීගේ පුර්ණ අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයකින එම ඉදිකිරීම් සඳහා ලබා දෙන ලදී.
මෙම ඉදිකිරීම් වල ප්‍රගතිය අධ්යක්ෂ ජනරාල්තුමාගේ නිරන්තර අධීක්ෂයට ලක් කෙරෙන අතර, වාට්ටු සංකීරණයේ ඉදිකිරීම් කඩිනමින් උසස් ප්‍රමිතියෙන් යුක්තව අවසන් කිරීමට අවශ්‍ය උපදෙස් අදාල පාර්ශවයන්ට ලබා දීම ද සිදුකරයි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා 2022 මාර්තු මස 26 වන දින පහළලන්ද පුහුණු පාසලේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
එහිදි අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් බීඑච්ඩී පත්මකුමාර නිලධාරි හා පුහුණු පාසලේ සාමාජික සාමාජිකාවන් අමතා ඉදිරියටත් දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් රාජකාරින් ඉටු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.
ඉන් අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් 455 දෙනෙකුගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිවෙන දීඝවාපිය චෛත්‍ය ඉදිකිරීම් කටයුතු පිළිබදව සොයා බලා එම ඉදිකිරීම් කාර්යක්ෂමව නිම කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් අධ්යක්ෂ ජනරාල් තුමා මේ සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙන සිවිල් ආරක්ෂක සාමාජිකයිගේ සුභ සාධන කටයුතු සම්බන්ධයෙන්ද සොයා බලන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා 2022 මාර්තු මස 24 වන දින උහන බලකායේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
උහන බලකාය මගින් පවත්වාගෙන යනු ලබන කාබනික පොහොර ව්‍යාපෘතිය හා අනෙකුත් ව්‍යාපෘතින් අධ්යක්ෂ ජනරාල් තුමා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඒආර්ඩී ද සිල්වා නිලධාරි හා බලකා සාමාජික සාමාජිකාවන් අමතා ඉදිරියටත් දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් රාජකාරින් ඉටු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.
ඉන් අනතුරුව අධ්යක්ෂ ජනරාල් තුමා අංක 26 රුහුණුගම නව ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශ්රාස්ත්රපති පූජ්‍ය මිනිපේ විජිත නා හිමි, ගලපිටගල පූර්වාරාම විහාරස්ථානයේ විහාරාධිපති කලකුගම පුණ්ණසාර හිමි හා ශ්‍රී පුෂ්පාරාම විහාරයේ විහාරාධිපති උතුරු නැගෙනහිර සිංහල සංගමයේ සභාපති සේනාධිපතියේ ආනන්ද නා හිමි බැහැ දැක විහාරස්ථානයන්හි ඉදිකිරීම් සඳහා සිවිල් ආරක්ෂක සාමාජිකයින් විසින් ලබා දෙනු ලබන ශ්‍රම දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා 2022 මාර්තු මස 25 වන දින අම්පාර බලකායේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
අම්පාර බලකාය මගින් පවත්වාගෙන යනු ලබන මැටි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපෘතිය, කාබනික පොහොර ව්‍යාපෘතිය හා අනෙකුත් ව්‍යාපෘතින් අධ්යක්ෂ ජනරාල් තුමා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් යූටීඑන් පෙරේරා නිලධාරි හා බලකා සාමාජික සාමාජිකාවන් අමතා ඉදිරියටත් දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් රාජකාරින් ඉටු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා 2022 මාර්තු මස 23 වන දින මහඔය බලකායේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර, අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ඒඒපී ගුණතිලක නිලධාරීගේ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ මහඔය බලකාය මගින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධ්යක්ෂ ජනරාල් තුමා අම්පාර බලකා සාමාජික සාමාජිකාවන් අමතා ඉදිරියටත් දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන් රාජකාරින් ඉටු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.
ඉන් අනතුරුව උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝ නායක මංගලගම අරන්තලාව භික්ෂු ස්මාරකයේ නිර්මාතෘ ශ්‍රී ඉන්ද්‍රසාර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.