සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුරාධපුර බලකා අණදෙන නිලධාරි කර්නල් එම්ඒඑච්ඩබ් ප්‍රේමචන්ද්‍රගේ ඉල්ලීම පරිදි මැදවච්චිය ගොවිජන සේවා කාර්යාලයේ සහයෝගයෙන් සිවිල් ආරක්ෂක සාමාජිකයින් වෙනුවෙන් කෘෂි උපදේශන වැඩසටහනක් පෙරියකුලම අනුකලාපයේදී පසුගිය දා පවත්වන ලදී.
මැදවච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවි උපදේශිකා එච්පීඑස් නිරෝෂනී මහත්මිය විසින් මෙම වැඩසටහන මෙහෙය වූ අතර ප්රතිඵලදායී අස්වැන්නක් ලබා ගැනීම සඳහා කෘෂි බෝග වගා කිරීම හා පළතුරු පැළ බද්ධ කිරීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක සාමාජිකයින් දැනුවත් කිරීම සිදුකරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා ගේ උපදෙස් පරිදි උහන, ත්‍රිකුණාමලය, කතරගම හා සේරුවිල බලකා මගින් 2022 පොසොන් පොහොයට සමගාමීව බෝධිපූජා වැඩසටහන්, වෙසක් කූඩු ප්‍රදර්ශන, බැති ගී ප්‍රසංග හා දන්සැල් සංවිධානය කරන්නට යෙදුණි.
ඊට සමගාමීව ගල්කිරියාගම උසස් පුහුණු පාසල මගින් තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම හා එක්ව එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අසරණ පවුල් 500ක් සඳහා වියලි සලාක මල්ලක් බෙදාදීම ද සිදුකරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ අධීක්ෂණය යටතේ 2021 වර්ෂය සඳහා නිවසක් නොමැති සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 51 දෙනෙකු වෙනුවෙන් නිවාස ඉදිකිරීමට යෝජත වූ අතර, එම නිවාස අතරින් මේ වන විට නිවස 25ක ඉදිකිරීම් අවසන් කර නිවාස හිමිකරුවන් වෙත ප්රදානය කර ඇත.
ඒ අනුව ඉදිකිරීම් අවසන් කළ මහනුවර බලකායේ නිවස එම බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ඩීආර්ජේ කරුණාරත්න සහ එම මැතිණිය විසින් ද, සේරුවිල බලකා නිවස එම බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජීආර්යූපී අබේරත්න සහ එම මැතිණිය විසින් හා වැලිඔය බලකායේ නිවස එම බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩීඑස්පී විජේසිංහ සහ එම මැතිණිය විසින් විවෘත කර නිවාස හිමිකරුවන් වෙත භාර ප්රදානය කළෝය.
සේවා වනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන් බලකා අණදෙන නිලධාරීන්ගේ හා සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම සහ උනන්දුව මත බලකා ප්‍රදේශයෙන් උපයාගත හැකි අමුද්‍රව්‍ය ද උපරිමයෙන් භාවිතා කරමින් යෝජිත නිවාසයන්හි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කර නිවාස හිමිකරුවන් වෙත ප්රදානය කිරීම සේවාවනිතා ඒකකයේ බලාපොරොත්තුව වේ.
බටපොළ සුභද්‍රාරාම මහා විහාරයෙහි ප්‍රතිනිර්මාණය කළ මහ සෑ රජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් සුගන්ධ කුටිය පූජා කිරීම සහ ස්වර්ණාලේපිත කොත්වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය විහාරාධිපති, ශාස්ත්‍රපති, පූජනීය බටපොළ නන්ද ස්වාමීන් වහන්සේගේ හා සැදැහැවත් දායක පින්වතුන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අභිධජ මහාරට්ඨගුරු ශ්‍රී කල්‍යාණි වංශ පාර්ශවයේ මහානායක තපෝවනය ප්‍රධාන නදිය ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති, ශ්‍රී කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී වංගීස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචරිය, මහෝපධ්‍යාය අති පූජනීය දොඩම්පහළ චන්ද්‍රසිරි මහානායක මාහිමිපාණන් වහන්සේගේ හා ප්‍රදේශවාසී ගෞරවනීය පින්වත් මහා සංඝරත්නය වැඩමවීමෙන්ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් බෞද්ධ ශාසන කිර්ති ශ්‍රී මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා ඇතුළු සැදැහැවත් දායක පින්වතුන්ගේ දායකත්වයෙන් 2022 ජුනි මස 14 වන පොසොන් පොහොය දින පවත්වන්නට යෙදුණි.
මෙයට සමගාමීව සර්වඥ ධාතූන් වහන්සේලා වෙනුවෙන් ප්‍රථම කිරිපිඩු දානය පිළිගැන්වීම, ප්‍රථම සම්බුද්ධ පූජාව පැවැත්වීම සිදුකරන ලද අතර බෞද්ධ බැතිමතුන් සඳහා ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා දැකබලා වන්දනා කිරීමේ අවස්ථාවද සලසා දී තිබුණි.
ලිපිකරු පුහුණු පාඨමාලවේපළමු අදියර යටතේ පුහුණුව අවසන් කළ සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 52 දෙනෙකු සඳහා සහතිකපත් ප්රදානය කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 මැයි මස 24 වන දින සේරුපිට සෞන්දර්ය පුහුණු පාසලේදී සිදුකරන ලදී.
බලකා මූලස්ථානයන්හි ලිපිකරු රාජකාරියේ යොදවා ඇති සාමාජික සාමාජිකාවන්ගෙන් වෘත්තීය රාජකාරි ගුණාත්මකව සිදුකර ගැනීම සඳහා අවශ්‍ය පරිපාලන හා පරිගණක දැනුම වර්ධනය කිරීමවෙනුවෙන් වෘත්තීය පුහුණුවක් ලබාදීම සඳහා අධ්යක්ෂ ජනරාල් තුමාගේ උපදෙස් අනුව පාඨමාලාව ආරම්භ කළ අතර දෙපාර්තමේන්තුවේ විෂය දැනුම ඇති උපදේශකයින්ගේ හා බාහිර උපදේශකයින්ගේ සහාය ලබා ගනිමින් රාජකාරී දින 25ක කාලසීමාවක් තුල මෙම පාඨමාලාව පවත්වන්නට යෙදුණි.
සහතික පත් ප්රදානය කිරීමේ අවස්ථාව සඳහා අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් යූඅයි සේරසිංහ, අධ්යක්ෂ පුහුණු බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක (විශ්ර) සහ සේරුපිට පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එස්එම්ඒඑස්ඩීඩබ් ජයසේකර යන නිලධාරින් ද සහභාගී විය.