අනුරාධපුර බලකායට අනුයුක්තව රාජකාරි කරන සිවිල් ආරක්ෂක ඒ සෙනෙවිරත්න යන අයගේ වයස අවුරුදු 13ක් වයසැති දියණිය වන විමංසා දිනුරංගි සෙනෙවිරත්න මාස 08ක කාලයක් සිට ශ්වසන ආබාධයකින් පෙළෙන අතර ඇයට කෘතිම ශ්වසන යන්ත්‍රයක් මගින් ඔක්ෂිජන් ලබා දීමට වෛද්‍යවරුන් විසින් නිරිදේශ කර ඇත.
ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ලබා දෙන ලෙස සිවිල් ආරක්ෂක ඒ සෙනෙවිරත්න විසින් කළ ඉල්ලීමට අනුව අනුරාධපුර බලකා අණදෙන නිලධාරි කර්නල් එම්ඒඑච්ඩබ් ප්‍රේමචන්ද්‍රගේ මැදිහත්වීමෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් අනුව දෙපාර්තමේන්තුවේ සුභසාධක අරමුදලින් හා සේවාවනිතා ඒකකය මගින් එම කෘතිම ශ්වසන යන්ත්‍රය මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ හතරක මුදල ලබා දීමෙන් අනතුරුව අනුරාධපුර බලකා අණදෙන නිලධාරි විසින් දිනුරංගි සෙනෙවිරත්න දියණිය වෙත කෘතිම ශ්වසන යන්ත්‍රය පරිත්‍යාග පසුගියදා සිදුකරන ලදී.
නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතාගේ ඉල්ලීම පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල් තුමාගේ උපදෙස් හා මඟපෙන්වීම මත නියෝජ්‍ය අධ්‍යක්ෂක ඉදිකිරිම් මේජර් ඒ වර්ණකුලසූරියගේ අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයිනගේ ඉදිකිරීම් ශ්‍රම දායකත්වයෙන් නැගෙනහිර කොළඹ මුලික රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද භෞතික චිකිත්සක ඒකකය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මැතිතුමන් විසින් 2022 අගෝස්තු මස 01 වන දින විවෘත කර ජාතික සෞඛ්‍ය සේවාව වෙත භාරදීම සිදු කරන ලදි.
අනුරාධපුර යකාවැව මහා විද්‍යාලයට වසර 100ක් පිරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනේදී අනුරාධපුර බලකා මූලස්ථානයේ සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 35 දෙනෙකු 2022 ජුනි මස 25 වන දින ලේ පරිත්‍යාග කිරීම සඳහා දායකත්වය ලබා දෙන ලදී.
ගල්කිස්ස මුහුදු තීරයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන ජීවිතාරක්ෂක සේවා මධ්‍යස්ථානය අසල දී මුහුදේ දිය නෑමේදී දිය අනතුරකට ලක් වූ තරුණ ජිවිතයක් බේරා ගන්නා ලදී.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යාපනය හදාරණ කොළොන්නාව, කැප්පෙටිපොළ මාවතේ පදිංචි මොහොමඩ් නෂීර් මුෂ්තකීම් යන අය මෙසේ අනතුරට පත්වූ අතර, එම අවස්ථාවේ රාජකාරී යොදවා සිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පිහිණුම් හා ජීවිතාරක්ෂක කණ්ඩයේ කේජේ ඉද්දමල්ගොඩ (ත්‍රිකුණාමලය බලකාය) හා පීඑල්එම් ප්‍රේමරත්න (විල්පත්තුව බලකාය) යන අය විසින් තම ජීවිතය පරදුවට තබා එම තරුණ ජීවිතය බේරා ගන්නා ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් පරිදි ගෝමරන්කඩවල බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඒඅයි හෙට්ටිආරච්චිගේ මඟ පෙන්වීම මත ගෝමරන්කඩවල බලකා ප්‍රදේශයට අයත් පාසල්, පෙර පාසල්, තිරියාය ආර්යුවේද මධ්‍යස්ථානය, විහාරස්ථාන, රජයේ රෝහල් හා ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානය ආදී ස්ථානයන්හි මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක් සතියක කාලයක් පුරා පවත්වන්නට යෙදුණි.
ගෝමරන්කඩවල ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරින්ගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාජික සමාජිකාවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම සත්කාරය සිදුකරන ලදී.