සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ මැතිතුමා 2022 අගෝස්තු මස 19 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 08 වන විධායක ජනාධිපති ලෙස අභිනවයෙන් පත් වූ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හමුවී සුභාශිංෂණ එක් කළේය.
එහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව රටේ ආර්ථික හා සමාජයීය ප්‍රගමණය උදෙසා තම දැක්ම හා මෙහෙවර මත පදනම් වී ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ගරු ජනාධිපතිතුමාව දැනුවත් කළ අතර දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම හමුවීම සනිටුහන් කිරීම උදෙසා අධ්යක්ෂ ජනරාල්තුමන් විසින් ගරු ජනාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්රදානය කිරීමද සිදු කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා, අධ්යක්ෂ ව්‍යාපෘති බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක (විශ්‍රා) හා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරන නිලධාරි ලුතිතන් කර්නල් විජිත සිල්වා පසුගිය දා ගෝමරන්කඩවල බලකායේ ව්‍යාපෘති නිරීක්ෂණය කළේය.
බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඒඅයි හෙටිටිආරච්චිගේ ආරාධනයෙන් බලකායේ සියලුම සාමාජික සාමාජිකාවන් ඇමතීමෙන් අනතුරුව කාබනික පොහොර පමණක් භාවිතා කරමින් වගාකර ඇති අක්කර 169ක වී වගාව, රටකජු ව්‍යාපෘතිය, එළවළු ව්‍යාපෘතිය, සුදු හඳුන් ව්‍යාපෘතිය, පොල් ව්‍යාපෘතිය හා බේකරිය සහ බොජුන්හල නිරීක්ෂණය කරන ලදී.
මෙහිදී අධ්යක්ෂ ජනරල් තුමා මහදිවුල්වැව, දෙවන පියවර, ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානය ඇතුළු විහාරඝණයේ අධිපති උඩරට අමරපුර මහා නිකායේ උතුරු හා නැගෙනහිර සම්මානනීය ප්‍රධාන සංඝනායක අතිපූජනීය පොල්හේන්ගොඩ උපරතන නායක ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර, එම අවස්ථාවේදී නායක ස්වාමීන්වහන්සේ විසින් ගෝමරන්කඩවල බලකායේ රාජකාරී කටයුතු කාර්යක්ෂමව සිදුකිරීම සඳහා අවශ්‍ය පරිගණක යන්ත්‍ර දෙකක්, ප්‍රින්ටර් යන්ත්‍රයක් හා ෆැක්ස් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා සහ අධ්යක්ෂ ව්‍යාපෘති බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක (විශ්‍රා) ජ්‍යෙෂ්ඨ නිලධාරී සමඟ ත්‍රිකුණාමලය බලකාය මගින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘති නිරීක්ෂණ කිරීම පසුගිය දා සිදු කල අතර, මේ සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරන නිලධාරි ලුතිතන් කර්නල් විජිත සිල්වා සහ ත්‍රිකුණාමලය බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ආර්එම්බී රත්නායක යන නිලධාරිද සහභාගී විය.
මහ කන්නයේ නෙලාගත් ලක්ෂ දෙකකට ආසන් වී අස්වැන්න නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව යල කන්නයේදී වී කිලෝ 213000ක් පමණ අස්වැන්නක් ලබා ගැනීමට බලාපොරොත්තු වන අක්කර 213ක අඳ වී වගාව සහ අක්කර 12.5ක පවත්වාගෙන යනු ලබන ටොම් ජර්සි අඹ ව්‍යාපෘතිය, කජු ව්‍යාපෘතිය, කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය, සිමෙන්ති ගල් ව්‍යාපෘතිය හා අභ්‍යාස පොත් ව්‍යාපෘතිය නිරීක්ෂණ කළ අධ්යක්ෂ ජනරල් තුමා ඉන් අනතුරුව ත්‍රිකුණාමලය බලකායේ සියලුම සාමාජික සාමාජිකාවන් අමතා ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයාබලා ඒවාට විසදුම් ලබා දෙන ලදී.
පුරන් කුඹුරු සහ ඉඩම් නැවත අස්වැද්දීමේ වැඩසටහනට සමගාමීව කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් වගා කිරීමට සඳහා සුදුසු වල් බිහිවී ඇති භූමියේ අක්කර 300ක පමණ ප්‍රමාණයක් මඩ ගොවිතැන සඳහාත්, අක්කර 150ක භූමියක් ගොඩ ගොවිතැන සඳහාත් ලබා ගැනීමට නිරීක්ෂණය කළ අධ්යක්ෂ ජනරල්තුමා එම භූමිය මහ කන්නයදී වී සහ බඩ ඉරිඟු වගා කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන මෙන් අධ්යක්ෂ ව්‍යාපෘති හා බලකා අණදෙන නිලධාරි වෙත උපදෙස් ලබා දෙන ලදී.
සේරුවිල බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් බීආර්යූපී අබේරත්නගේ ආරාධනයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා සේරුවිල බලකායේ ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා අධ්යක්ෂ ව්‍යාපෘති බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක (විශ්‍රා) හා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරන නිලධාරි ලුතිතන් කර්නල් විජිත සිල්වා සමඟ පසුගිය දා සහභාගී විය.
මෙහිදී අධ්යක්ෂ ජනරල්තුමා බලකායේ අභිනවයෙන් ඉදිකල භට නිවාසය විවෘත කිරීමෙන් හා නව භට නිවස්නයට මුල්ගල තැබීමෙන් පසු සියලුම සාමාජික සාමාජිකාවන් අමතා ඔවුන්ගේ ගැටළුවලට විසදුම් ලබා දීමෙන් අනතුරුව සේරුවිල බලකාය මගින් පවත්වාගෙන යනු ලබන ගඩොල් ව්‍යාපෘතිය සහ සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ විසින් බලකාය වෙත ලබා දී ඇති අක්කර 50ක පමණ භූමියේ කෘෂි ව්‍යාපෘති සහ වෙනත් බෝග ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා භූමිය නිරීක්ෂණය කිරීමේ කටයුතු සිදුකළ අතර, මීට අමතරව වෙනත් කෘෂි ව්‍යාපෘති, අඹ හා අන්නාසි ව්‍යාපෘති මෙන්ම ඉතාමත් සාර්ථකව සිදුකරගෙන යනු ලබන කාබනික පොහොර නිෂ්පාදනය ද අධීක්ෂණය කරන ලදී.
සේරුවිල බලකාය මගින් මාවිල්ආරු ජලාශයට යාබදව පවත්වාගෙන ගිය අක්කර 300ක කෘෂි ව්‍යාපෘතිය මහ කන්නයේදී ද නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමෙන් අනතුරුව ඒ සඳහා සුදුසු කටයුතු සිදුකරන මෙන් අධ්යක්ෂ ව්‍යාපෘති හා බලකා අණදෙන නිලධාරී වෙත උපදෙස් ලබා දෙන ලදී.
මෙම නිරීක්ෂණය කටයුතු අතුරතුරදී සේරුවාවිල මංගල මහාසෑය වැදපුදාගත් අධ්යක්ෂ ජනරල්තුමා මංගල රජමහා විහාරයේ විහාරාධිපති අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
බෞද්ධයා නාලිකාව මගින් ආගමික සිද්ධස්ථාන වෙත පැමිණෙන ඇවිදීමේ අපහසුතා ඇති බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් රෝද පුටු අධ්යක්ෂ ජනරල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී උපේන්ද්‍රා කාරියවසම් මැතිණිය විසින් කතරගම දේවාලය, කිරිවෙහෙර හා සිතුල්පව්ව විහාරස්ථාන වෙත භාරදීම පසුගිය දා සිදුකරන ලදී.
කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍යපාද කොබවක ධම්මින්ද නායක ස්වාමීන්වහන්සේ වෙත රෝද පුටු 03ක් ද, සිතුල්පව්ව විහාරස්ථානයේ විහාරාධිපති මැතරඹ හේමරතන ස්වාමීන්වහන්සේ වෙත රෝද පුටු 03ක් සහ කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමා වෙත රෝද පුටු 05ක් පරිත්‍යාග කරන ලද අතර මෙම අවස්ථාව සඳහා කතරගම බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එල්ජීකේ කිත්සිරි ද සහභාගී විය.
ඉන් අනතුරුව අධ්යක්ෂ ජනරාල්තුමා කතරගම මහා දේවාලයේ පෙරහැර සඳහා සහභාගිවූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නර්ථන කණ්ඩායම් ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත ස්තූති ප්‍රසංශා සිදුකරන ලදී.