දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගත රෝගී තත්වය හේතුවෙන් රටපුරා පනවා ඇති සංචරන සීමා නිසා අසරණ තත්වයට පත්ව සිටින මහ ජනතාව වෙනුවෙන් රජය විසින් ලබා දෙනු ලබන “වියළි ආහාර මල්ල” නියමිත ප්‍රමිතියට සැකසීම සහ පාර්සල් කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදුකරේ.
12 වන ජාතික නිදහස් රණවිරු සැමරුම් උළෙල සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (මැයි මස 19) බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී අභිමානත්ව පැවැත්විණි.
රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කෙරුණු එම අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්, හිටපු ජනාධිපති සහ මැති ඇමතිවරුන්.ත්‍රිවිධ හමුදාධිපතිවරුන් හා පොලිස්පති තුමන් සමඟ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්දන සේනාධීර මැතිතුමන්ද සහභාගිවිය.
දශක තුනක් පුරා පැවති කුරිරු ත්‍රස්ථවාදය තුරන් කිරිම වෙනුවෙන් තම ජිවිත පරිත්‍යාග කල වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සමඟ මියගිය විරෝධාර රණවිරුවන්ගේ පවුල් වල සමාජිකයින්ද රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර දක්වමින් රණවිරු අනුස්මරණය සිදු කෙරිණ.
දැනට දිවයින පූරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් වසන්ගත තත්වය හේතුවෙන් රෝගී තත්වයෙන් පසුවන අයවලූන් සදහා අවශ්‍ය ලේ ලබා දීමේ වැඩසටහනක් අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ උපදෙස් පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැලිඔය බලකාය මගින් පසුගියදා එම මුලස්ථානයේදි සංවිධානය කරන ලදි.
දැනට දිවයින පූරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් වසන්ගත තත්වය මැඩපැවැත්වීම සදහා රජය විසින් පනවා ඇති ඇදිරිනීති හේතුවෙන් අපහසුතාවයට පත් උහන බලකා මූලස්ථානයේ රාජකාරී යෙදී සිටියදී මියගිය සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ ලඟම ඥාතීන් හා විශ්‍රාම ගිය සිවිල් ආරක්ෂක සාමාජිකයින් 51ක් සඳහා වියළි ආහාර බෙදා හැරීම අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ අධීක්ෂණය යටතේ උහන බලකා මූලස්ථානයේදී සිදුකරන ලදී.
දැනට දිවයින පූරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් වසන්ගත තත්වය හේතුවෙන්රෝගී තත්වයෙන් පසුවන අයවලුන් සඳහා අවශ්‍ය ලේ ලබා දීමේ වැඩසටහනක් අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ උපදෙස් පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කතරගම බලකාය මගින් පසුගියදා එම මුලස්ථානයේදි සංවිධානය කරන ලදි.”