සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 09 වන අධ්යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබ 2021 ජූලි මස 08 වන දින වැඩ භාර ගැනීමෙන් පසුව මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු මැතිතුමා අද දින (2021 ජූලි මස 12) මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා එම අමාත්‍යාංශ පරිශයේදී මුණගැසී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි කාර්යයන් හා වගකීම් සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත විය.
එහිදී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) ජගත් අල්විස් මැතිතුමාද මුණගැසී සුහද සාකච්ඡාවක නිරත විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 09 වන අධ්යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබූ මේජර් ජෙනරල් නෙවිල් රන්ජන් ළමාහේවගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ මැතිතුමන් 2021 ජුලි මස 08 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඡායන මැද සුභ නැකතින් නව තනතුරේ වැඩභාර ගත්තේය.
ගාල්ල මහින්ද විද්‍යාලයෙන් හා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු 1986 ඔක්තෝම්බර් 27 වන දින දියතලාව ශ්‍රී ලංකා යුධහමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පුහුණුව ඉතා සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිතන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට බැදී යුධ හමුදාවේ වසර 35ක විශිෂ්ඨ සේවයක් ඉටු කල ඔහු ශ්‍රී ලංකාවේ හා විදේශයන්හිදී විශේෂ පාඨමාලා හදාරා ඇති අතර කුරිරු එල්ටීටීඊ ත්රස්තයන් හමුවේ යුද්ධයේදී දක්වන ලද විශිෂ්ඨ දක්ෂතා වෙනුවෙන් රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කමෙන් තුන්වතාවක් පිදුම් ලබා ඇත.
නව අධ්යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්,අධ්යක්ෂ මණ්ඩලය, බලකා අණදෙන නිලධාරීන් ඇතුලු මූලස්ථානයේ සියලුම භට/භටවරියන් අමතන ලදි.
විජයග්රහනය ලබා වසර 12ක් සපිරීම නිමිත්තෙන් රණවිරු විජයග්‍රාහී දිනයට සමගාමීව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර මැතිතුමාගේ උපදෙස් පරිදි හොරොව්පොතාන බලකා අණදෙන නිලධාරී මේජර් ඒපීඑස් අතපත්තුගේ මඟ පෙන්වීම මත හොරොව්පොතාන බළකා මූලස්ථානය මගින් ලේ දන්දීමේ වැඩසටහනක් 2021.06.03 වන දින සිවිල් ආරක්ෂක භට භටවරියන් 77 දෙනෙකුගේ දායකත්වයෙන් එම බලකා මූලස්ථානයේදී පවත්වන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්දන සේනාධීර මැතිතුමන් 2021 ජූනි මස 21 වනදින විශේෂ සාකච්ඡාවක් සදහා ගරු මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමන් එම අමාත්‍යංශ පරිශ්‍රයේදි මුණගැසිණි.
එම අවස්ථාව සනිටුහන් කරමින් අධ්යක්ෂ ජනරාල්තුමා විසින් විශේෂ සමරැ තිළිණයක් අමාත්‍යතුමන් හට ප්රදානය කලේය.
සම්බුදු තෙමඟුල සිහිකිරමින් පවත්වනු ලබන වෙසක් උත්සවය වර්ථමානයේ රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් අසිරිමත් අයුරින් සැමරීමට අවස්ථාව නැතිවුවද, වෙනදාට අලංකාරවත් වන කොළඹ නගරයේ ගංගාරාම වෙසක් කලාපය සහ බෞද්ධාලෝක මාවත වෙසක් කලාපය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු භටයින් විසින් නිර්මාණය කරන ලද විචිත්‍රවත් පහන් කූඩු වලින් සරසමින් වර්ණවත් කරන ලදි.