සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වෙන්නවත්ත බලකායට අනුයුක්තව රාජකාරී කරන පීකේ ජයම්පති රාජරත්න 2021 වර්ෂයේ ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලේදී මීටර් 1500, මීටර් 800 ධාවන ඉසව්වලින් සහ මීටර් 400 කඩුළු මතින් දීවීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගන්නා ලදී. මීට අමතරව 2018 සහ 2019 වර්ෂයේ රාජ්‍ය සේවා මලළ ක්‍රීඩා උළෙලයන්හිදී රන් හා ලෝකඩ පදක්කම් දිනා ගත් ඔහු 2019 වසරේ දකුණු පළාත් තරඟයේදීද මීටර් 400 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තේය.
එම සිවිල් ආරක්ෂක සාමාජිකයා 2021 දෙසැම්බර් මස 20 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමන් විසින් ඇඟයීමට ලක්කර සුභ පැතුම් එක් කරන ලදී.
තිස්එක්වන පළාත් එල්ලේ තරඟාවලිය අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී 2021 දෙසැම්බර් 05 වන දින පැවැත්වූ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් මත පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව බලකා එල්ලේ කණ්ඩායම මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.
පොළොන්නරුව බලකා එල්ලේ කණ්ඩායම අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කරමින් විශිෂ්ඨ ජයක් ලබා ගත් අතර වසර 15කට පසු XLVI ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහාද අවස්ථාව උදා කරගන්නා ලදී.
මහඔය බලකා මූලස්ථානයට අනුයුක්තව බෝගමුයාය කෘෂි ව්‍යාපෘතියේ රාජකාරි යෙදී සිටියදී අනතුරකට ලක්ව පූර්ණ ආබාධිත තත්වයට පත්වී සිටින සිවිල් ආරක්ෂක සාමාජික එච්.එම්.සී ප්‍රේමකුමාර වෙනුවෙන් ඉදිකිරීම් ආරම්භ කළ නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා අවශ්‍ය මුදල් කැබිතිගොල්ලෑව අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ජගත් දිසානායක මහතාගේ සම්බන්ධීකරණයෙන් WAAP WATERPROOFING PAINT සමාගමේ නිර්මාතෘ සහ විධායක අධ්යක්ෂ සංජීව විජය ශ්‍රී මහතා විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා වෙත පරිත්‍යාග කිරීම 2021 නොවැම්බර් මස 12 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී සිදුවිය.
තිස්වසරක් පුරා ලක්ධරණීතලය වෙලාගත් සාපලත් ත්රස්තවාදයට නැවතීමේ තිත තැබීමට දායක වූ ත්‍රිවිධ හමුදා, පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකයින්ට උපහාර පුදනු වස් අනුරාධපුර යුගයේදී ඉදිවූ මහා චෛත්‍යවලින් පසු නූතන යුගයේ ඉදිවූ විශාලතම චෛත්‍ය ලෙස සැලකෙන සඳහිරු සෑයේ කොත්වහන්සේ නිරාවරණය කොට ලෝකවාසී ජනීජනයාගේ වන්දනාමානය උදෙසා සඟසතුකොට පූජාකිරීමේ පූන්යෝත්සවය 2021 නොවැම්බර් මස 18 වන ඉල් පොහෝය දින අනුරාධපුරයේදී පැවැත්විණි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රා) මැතිතුමන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ හා සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර සඳහිරු සෑයේ කොත්වහන්සේ නිරාවරණය කර ලෝකවාසී ජනීජනයා වෙනුවෙන් වන්දමාන කිරීම සඳහා සඟසතුකොට පූජා කරන ලදී.
තිස් වසරක් පුරා පැවති ත්‍රස්තවාදය අවසන් කර මව්බිම ලැබූ විජයග්‍රහණය සැමරීම වෙනුවෙන් හා ඒ උදෙසා තම ජීවිතය මව්බිම වෙනුවෙන් පූජාකළ හා රණක්ෂිතයට පත් ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් උදෙසා උපහාර පිදීමටත්, ජාති ආගම් බේදවලින් තොරව දිවි පිදූ සියලු දෙනා පින් අනුමෝදම් කර ආශිර්වාද කිරීම වෙනුවෙන් එවකට සේනාධිනායක අතිගරු ජනාධිපති වත්මන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව එවකට ආරක්ෂක ලේකම් වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ අතීත ශ්‍රී විභූතියට හිමිකම් කියන අනුරාධපුර පූජා භූමියේ ශ්‍රී ලංකාවේ විශාලත්වයෙන් හතරවෙනි චෛත්‍ය ලෙස සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු 2010 වර්ෂයේ දී ආරම්භ විය.
යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ,පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරුණු අතර, 2012 වර්ෂයේ සිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විල්පත්තුව බලකායේ ඇලයාපත්තුව ගඩොල් ව්‍යාපෘතිය මගින් ස්තූප ගඩොල් ලක්ෂ 67ක් පමණ ප්‍රමාණයක් සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ සුරතින් සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා නිෂ්පාදනය කර ලබා දී ඇත. එලසම චෛත්‍ය ඉදිකිරීම් කටයුතු සඳහා සහ දෛනික වතාවත් සඳහාද සිවිල් ආරක්ෂක සාමාජිකයන්ගේ දයකත්වය ලබා දෙන ලදී.
සඳහිරු සෑයේ ඉඳිකිරීම් වෙනුවෙන් කැපවී ක්‍රියා කළ සිවිල් ආරක්ෂක සාමාජිකයින් ඇගයීම උදෙසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඇගයීමේ සහතිකපත් ලබා දීමද මෙහිදී සිදු විය.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා “අපේක්ෂාවේ යථාර්තය” නමින් විශේෂ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවක් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව රෝහලවෙත පවරාදීම ගරු යෞවන හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2021 නොවැම්බර් මස 09 වන දින සිදු කරන ලදී.
කොරෝනා ආසාදිත පිළිකා රෝගීන් සඳහා විශේෂ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවක අවශ්‍යතාව මහරගම අපේක්ෂා රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා විසින් පෙන්වා දීමෙන් අනතුරුව “දින දහයෙන් ඇඳන් දහසක්” ව්‍යාපෘතියේ දිගුවක් ලෙස ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිතව ශ්‍රී ලංකා යෞවන සම්මේලනය හා එක්ව Global Wings Charity සංවිධානයේ මුල්‍ය පරිත්‍යාගයෙන්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ මාගා ඉංජිනේරු ආයතනයේ තාක්ෂණික ඉංජිනේරු දැනුම භාවිතා කරමින්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ ශ්‍රම දායකත්වය ලබාදෙමින් මෙම “අපේක්ෂාවේ යථාර්තය” නම්වූ විශේෂ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්තුමාගේ අධික්ෂණය හා උපදෙස් අනුව සිවිල් අරක්ෂක සාමාජිකයින්ගේ දැඩි උනන්දුව හා කැපවීම මත සිව් මසක් වැනි කෙටිකාලයක් තුළදී මෙම වාට්ටුවේ ඉදිකිරීම් කටයුතු ඉතා සාර්ථක අයුරින් අවසන් කිරීමට හැකි විය.