අනුරාධපුර බලකා අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් හර්ෂ ප්‍රේමචන්ද්‍ර ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ඉල්ලීම පරිදි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරී කර්යාලයේ මැදිහත් වීමෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුරාධපුර බලකායට අනුයුක්තව රාජකාරී කරන සියලුම සාමාජික සාමාජිකාවන් වෙත කොවිඩ් මර්දන තුන්වන මාත්‍රාව එන්නත් කිරීම රඹෑව මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පසුගියදා සිදුකරන ලදී.
එම අවස්ථාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා විසින් නිරීක්ෂණය කළ අතර එම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමෙන් අනතුරුව මේ සඳහා දායකත්වය සැපයූ සියළුම දෙනාහට තම කෘතවේදී ස්තූතිය පුද කරන ලදී.
දීඝවාපිය ස්ථූප භූමියේ මැතකදී සිදුකල කැණීම්වලින් සොයාගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේලා මහා සංඝරතනයේ ආශිර්වාද මධ්‍යයේ දීඝවාපි විහාරස්ථාන පරිශ්‍රයේ විශේෂයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය තුළ තැන්පත් කිරීම ආරක්ෂක ලේකම් හා නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමණාකරන සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජනරාල් කමල් ගුණරත්න (විශ්‍රා) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 17 වන දුරුතු පෝදා සිදු කරන ලදී.
මෙම උත්සව අවස්ථාව සඳහා යුධ හමුදාධිපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම තැම්පත් කිරීමේ පුන්යෝත්සවය පවත්වන්නට යෙදුණි. කැණීම්වලදී සොයා ගන්නා ලද මෙම ධාතූන් වහන්සේලා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තැන්පත් කර තිබූ අතර එහි සිට දීඝවාපිය විහාරස්ථානය වෙත ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකායන්ගේ දායකත්වයෙන් යුත් පෙරහැරකින් වඩම්මන ලදී.
කොළොන්නාව නගර සභා ක්‍රීඩා සමාජිය මගින් සංවිධානය කළ ජයසිරි රත්නායක අනුස්මරණ තුන්කොන් එල්ලේ තරඟාවලිය කොළොන්නාව උමගිලිය මහජන ක්‍රීඩාංගණයයේදී පසුගියදා පැවැත්විය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු එල්ලේ කණ්ඩායම, කොළොන්නාව නගර සභා කණ්ඩායම සහ පෑලියගොඩ නගර සභා කණ්ඩායම මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.
තරඟාවලියේ සමස්ථ ශූරතාවය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කණ්ඩායම දිනාගත් අතර, වෙන්නවත්ත බලකායේ ඩබ්පීආර් මධුරංග තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හා වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා ලෙස කුසලාන දිනා ගත්තේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා 2022 ජනවාරි මස 11 වන දින දෙපාර්තමේන්තු මූලස්ථානයේදී මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ එල්ලේ කණ්ඩායම ඇගයීමට ලක් කරමින් තම සුභාශිංසන එක් කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් පරිදි අනුරාධපුර බලකා අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් හර්ෂ ප්‍රේමචන්ද්‍ර ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මැදහත් වීමෙන් MY VISION EYE CHANNEL CENTER ආයතනය සමඟ සම්බන්ධ වී 2022 ජනවාරි මස 06 වන දින අනුරාධපුර බලකා මූලස්ථානයේදී ඇස් පරීක්ෂා කිරීමේ කඳවුරක් පවත්වන ලදී.
අනුරාධපුර බලකායට අනුයුක්තව සේවය කරන ඇස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව 57 දෙනෙකු සඳහා ඇස් කණ්නාඩි ලබා ගැනීම සඳහා වෛද්‍ය සහතික ලබා දෙන ලද අතර එම ආයතනය මගින් ඇස් කණ්නාඩි ලබා ගන්නේ නම් 10% ක වට්ටමක් ලබා දීමටද කටයුතු කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පිහිණුම් හා ජීවිතාරක්ෂක කණ්ඩයේ රාජකාරී නියුතු එන්එස් ප්‍රියසංඛ, පීඑල්එම් ප්‍රේමරත්න හා පීටීඑස් දිසානයක යන සිවිල් ආරක්ෂක සාමාජිකයින් විසින් 2022 දෙසැම්බර් 17 වන දින ගල්කිස්ස මුහුදේ දිය නෑමට පැමිණ දියේ ගසාගෙන ගොස් දිය අනතුරකට ලක්වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුගේ ජීවිත බේරා ගන්නා ලදී.
තම ජීවිතය පරදුවට තබා අන් ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන් කැපවී සේවය කල මෙම සිවිල් ආරක්ෂක සාමාජිකයින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා විසින් 2022 ජනවාරි මස 11 වන දින දෙපාර්තමේන්තු මූලස්ථානයේදී විශේෂ ඇගයීමට ලක් කරන ලද අතර, දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය වැඩිවන ආකාරයට තවදුරටත් මෙවැනි ක්‍රියාවන් සිදුකරන මෙන් ඔවුන්ව දිරිමත් කරන ලදී.