වව්නියාව බලකා මූලස්ථානය මගින් පවත්වාගෙන යනු ලබන කාබනික පොහොර පමණක් භාවිතා කරමින් වගා කර ඇති රඹවෙට්ටිකුලම කුඹුරු අක්කර 125 ක අස්වනු නෙළීම වව්නියාව බලකා අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් සූරිය අස්මඩල ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමාගේ ඉල්ලීම පරිදි වව්නියාව දිස්ත්‍රික් ලේකම් පීඒ සරත්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද අතර, වව්නියාව බලකාය මගින් පවත්වාගෙන යනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියද දිස්ත්‍රික් ලේකම් තුමාගේ නිරීක්ෂණයට ලක්විය.
වැලිඔය බලකා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජීකේඑන් විජේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මැදිහත්වීම මත මහනුවර කුණ්ඩසාල ආබාධිතයින්ගේ මධ්‍යස්ථානයේ අනුග්‍රාහකත්වයෙන් වැලිඔය බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරන සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් අතරින් පාදයක් අහිමිව ආබාධිත තත්වයට පත්ව සිටින පුද්ගලයින් සඳහා කෘතිම පාද ප්රදානය කිරීම පසුගියදා වැලිඔය බලකා මූලස්ථානයේදී සිදුකරන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මහනුවර බලකා අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්ඩීආර්ජේ කරුණාරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මැදිහත්වීමෙන් කථිකාචාර්ය එස්ඩබ්අයි නන්දලාල් මාලගොඩ මහතාගේ හා ප්‍රවීණ රංගනවේදිණී ස්විනීතා වීරසිංහ මැතිණියගේ ධන පරිත්‍යාගයෙන් දඹුල්ල හා සීගිරිය ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී සාමාජිකයින් සඳහා සිල් රෙදි හා ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීම දඹුල්ල බෝධිරුක්කාරාම විහාරස්ථානයේදී සහ ඉනාමළුව ඉසිපතනාරාම විහාරස්ථානයේදී පසුගිය දා පවත්වන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් පරිදි අතිරේක අධ්යක්ෂ ජනරාල් යූඅයි සේරසිංහ මැතිතුමා මේ අවස්ථාව සඳහා සහභාගී වූ අතර, සුසරණ ලංකා සමාජ සංවර්ධන පදනමේ සභාපති නුවරඑළිය කටුමාන ශ්‍රී සීතවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලහිටියාගොඩ සුමනරතන ස්වාමීන්වහන්සේ විසින් පාසල් යන දුවා දරුවන් 200 දෙනෙකු සඳහා පාසල් අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කිළිනොච්චි හා මුලතිව් බලකායන් මගින් තෛයිපොංගල් උත්සවයට සමගාමිව යාපනය උඩුප්පිඩි ප්‍රදේශයේ පදිංචි සජී කරන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් සංවිධානය කරන ලද පාසල් දරුවන් සඳහා පාපැදි හා පාසල් උපකරණ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවයක් පසුගියදා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව යාපනය උඩුප්පිඩි විද්‍යාලයේ පැවැත්විණි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් දරුවන් 25 දෙනෙකු සඳහා පාපැදි පරිත්‍යාග කිරීම හා සිසුන් 10 දෙනෙකු සඳහා මුදල් පරිත්‍යාග කිරීම සිදු කළ අතර, දරුවන්ගේ කායික ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රීඩා උපකරණ සහිත ළමා උද්‍යානයක් විවෘත කිරීමද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සඳහා 52 සේනාංකාධිපති තුමන්, 521 බල සේනාධිපති තුමන්, ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් හා රජයේ නිලධාරීන් සමඟ සජි කරන් මහතාද සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් 36,758 දෙනෙකුගේ පාසල් යන දුවා දරුවන් 39,747 දෙනෙකු සඳහා නොමිලේ පාසල් අභ්‍යාස පොත් බෙදා දීම සංකේතවත් කරමින් 2022 ජනවාරි මස 20 වන දින සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලද ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයන පුරා විහිදී ඇති බලකා මූලස්ථානයන්හිදී පාසල් අභ්‍යාස පොත් බෙදාදීමේ උත්සව සංවිධානය කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් මත සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ මඟපෙන්වීම යටතේ උහන, කටුනායක, මොණරාගල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මහඔය, මහනුවර, විල්පත්තුව, සේරුවිල, හොරොව්පොතාන, කූරගල බලකායන්හිදී හා ගල්කිරියාගම පුහුණු පාසලේදී පාසල් අභ්‍යාස පොත් බෙදාදීම සිදුකරන ලදී.