සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල්ගේ සංකල්පයකට හා මඟපෙන්වීම අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේහි ගරුත්වය හා ප්‍රතිරූපය නගා සිටුවීම සඳහා සේවයේ යෙදී සිටින සාමාජික/ සාමාජිකාවන් වෙතින් සිදුවන විනය විරෝධීක්‍රියා හා අක්‍රමිකතා මඟහරවා ගැනීමේ අරමුණ පෙරදැරිව සහ විනය විරෝධී හා අක්‍රමිකතා විමර්ශණය කිරීම සඳහා පෙර පැවති සිවිල් ආරක්ෂක විමර්ශණ ඒකකය ප්‍රතිව්‍යුහගත කර පිහිටුවන ලද විශේෂ විමර්ශණ එකකය සඳහා වූ නවීකරණය කරන ලද ගොඩනැගිල්ල විශේෂ විමර්ශණ එකකයේ අණභාර නිලධාරි කපිතාන් එන්සීපීඑන් නානායක්කාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන්, 2023 දෙසැම්බර් මස 21 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කොට නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
සිවිල් ආරක්ෂක සාමාජිකයින්ට සිවිල් ආරක්ෂක පොලිස් රාජකාරි පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් ලබා දීම තුලින් විනය කඩකරන්නන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් රාජකාරිමය කටයුතු සිදුකිරීමේදී සිදුවන අක්‍රමිකතා අවම කරගනිමින්, අභිමානවත් විනයගරුක සිවිල් ආරක්ෂක සාමාජිකයෙකු බිහි කිරීම තුලින්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම සඳහා මෙම පොලිස් ඒකකය ස්ථාපිත කරන ලදී. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි, දෙපාර්තමේන්තු අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරින් හා මාණ්ඩලික නිලධාරින් අතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නව විශේෂ විමර්ශණ ඒකකයට අනුයුක්තව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පොලිස් සාමාජිකයින් දිවයින පුරා විහිදී ඇති බලකා / පුහුණු පාසල් වෙත අනුයුක්ත කර බලකායන්හි රාජකාරි සිදුකිරීමේදී සාමාජිකයින්ගෙන් සිදුවන අක්‍රමිකතා හා විනය විරෝධී ක්‍රියාවන් අවම කර ගැනීම සඳහා සිවිල් ආරක්ෂක පොලිස් රාජකාරි පිළිබඳව දැනුම අවබෝධය ලබා දීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක සාමාජිකයින් 75 දෙනකුගේ සහභාගීත්වයෙන් පොලිස් පුහුණු පාඨමාලාවේ පළමු අදියර 2024 ජනවාරි මස 03 වන දින සේරුපිට පුහුණු පාසලේදී අරම්භ කිරීමට නියමිතව ඇත.