සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ සංකල්පයකට අනුව දිස්ත්‍රික් නිලධාරීන්ගේ පරිපාලන හා කළමණාකරන දැනුම වැඩි දියුණු කීරිම වෙනුවෙන් අධ්යක්ෂ පුහුණු කර්නල් ජේකේඑන්එස් ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ “බලකා පරිපාලනය පිළිබඳව සංස්කරණ පාඨමාලාවේ - පළමු අදියර” දිස්ත්‍රික් නිලධාරීන් 29 දෙනෙකුගේ සහභාගීත්වයන් 2022 පෙබරවාරි මස 21 වන දින සේරුපිට සෞන්දර්ය පුහුණු පාසලේදී අධ්යක්ෂ ජනරාල් තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී පිළිවෙත් හා පරිපාලන කළමණාකරන දැනුම වර්ධනය කිරීම, සියළුම පෙළපාලි හා සම්මාන මුර පිළිබඳව දැනුවත් කිරීම සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම ආදී විෂයන් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ සහ බාහිර ප්‍රවීණ උපදේශකයින්ගේ දායකත්වයෙන් 2022 පෙබරවාරි මස 21 වන දින සිට 2022 මාර්තු 05 වන දින දක්වා රාජකාරී දින 12ක කාලසීමාවක් ආවරණය වන පරිදි මෙම පාඨමාලාව ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති අතර, දිස්ත්‍රික් නිලධාරීගෙන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබාගැනීම මෙමගින් බලාපොරොත්තු වේ.
පාඨමාලාවේ ආරම්භක අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් යූඑන් සේරසිංහ මැතිතුමා, අධ්යක්ෂ පුහුණු ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සේරුපිට පුහුණු පාසලේ අණදෙන නිලධාරීද සහභාගී විය.