සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කිළිනොච්චි හා මුලතිව් බලකායන් මගින් තෛයිපොංගල් උත්සවයට සමගාමිව යාපනය උඩුප්පිඩි ප්‍රදේශයේ පදිංචි සජී කරන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් සංවිධානය කරන ලද පාසල් දරුවන් සඳහා පාපැදි හා පාසල් උපකරණ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවයක් පසුගියදා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව යාපනය උඩුප්පිඩි විද්‍යාලයේ පැවැත්විණි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් දරුවන් 25 දෙනෙකු සඳහා පාපැදි පරිත්‍යාග කිරීම හා සිසුන් 10 දෙනෙකු සඳහා මුදල් පරිත්‍යාග කිරීම සිදු කළ අතර, දරුවන්ගේ කායික ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රීඩා උපකරණ සහිත ළමා උද්‍යානයක් විවෘත කිරීමද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සඳහා 52 සේනාංකාධිපති තුමන්, 521 බල සේනාධිපති තුමන්, ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් හා රජයේ නිලධාරීන් සමඟ සජි කරන් මහතාද සහභාගී විය.