කතරගම බලකා අණදෙන නිලධාරී තුමාගේ ඉල්ලීම මත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ උපදෙස් පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කතරගම බලකාය මගින් කාබනික පොහොර සහ ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරමින් තංගල්ල නෙතුල් පිටිය කෝන්වත්ත ප්‍රදේශයේ අක්කර 2.5ක කහ වගා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා පසුගියදා මෙම ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම කහ වගා ව්‍යාපෘතිය සඳහා තංගල්ල අපනයන කෘෂි කාර්මික දෙපාර්තමේන්තුවෙන් බීජ කිලෝ 600ක් සහ කතරගම බලකායේ සාමාජික සාමාජිකාවන් විසින් කහ බඳුන් පැල 300ක් ලබා දුන් අතර, අක්කර 2.5ක් පුරා පැතිර ඇති මෙම භූමිය එළිපෙහෙළි කිරීම, මූලික බිම් සැකසීම, ද්විතීක බිම් සැකසීම හා බීජ රෝපණය කිරීම ආදී සියලුම ක්‍රියාවන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් හා තාක්ෂණික දැනුම භාවිතා කරමින් දැනට ක්‍රියාත්මක අතර, මෙම ව්‍යාපෘතියෙන් කහ කිලෝ 6000ක පමණ අස්වැන්නක් ලබා ගැනීමට බලාපොරොත්තු වේ.