සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමන් 2021 දෙසැම්බර් මස 23 වන දින කතරගම පූජා භූමිය හා කිරිවෙහෙර වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.
මෙහිදී කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක හා කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, හම්බන්තොට දිස්ත්‍රික් සඟ සමළුවේ සභාපති පූජ්‍යපාද කොබවක ධම්මින්ද නායක හිමි හා තිස්සමහාරාම සඳගිරි අභය මහා විහාරාධිපති මාතර කන්දබඩපත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක හිමි බැහැ දැක උන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගෙන දැනට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවන සංවර්ධන ව්‍යාපෘති වැඩිදියුණු කිරීම සඳහා උපදෙස් ලබා ගන්නා ලදී.
ඉන් අනතුරුව, සිතුල්පව්ව විහාරස්ථානය, දෙවිනුවර පරම විචිත්‍රාරාම රජමහා විහාරය, මාතර පාලටුවාව බෞද්ධ විහාරස්ථානය, ගෞතම විද්‍යාල පිරිවෙන් වෙහෙර, ශ්‍රී රත්නාරාම රජමහා විහාරස්ථානය හා කතරගම අභිනවාරාමය ආදී විහාරස්ථානයන්හි විහාරාධිපති හිමිවරුන් මුණගැසී ආශිර්වාද ලබා ගන්නා ලදී.