මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා “අපේක්ෂාවේ යථාර්තය” නමින් විශේෂ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවක් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව රෝහලවෙත පවරාදීම ගරු යෞවන හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2021 නොවැම්බර් මස 09 වන දින සිදු කරන ලදී.
කොරෝනා ආසාදිත පිළිකා රෝගීන් සඳහා විශේෂ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවක අවශ්‍යතාව මහරගම අපේක්ෂා රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා විසින් පෙන්වා දීමෙන් අනතුරුව “දින දහයෙන් ඇඳන් දහසක්” ව්‍යාපෘතියේ දිගුවක් ලෙස ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිතව ශ්‍රී ලංකා යෞවන සම්මේලනය හා එක්ව Global Wings Charity සංවිධානයේ මුල්‍ය පරිත්‍යාගයෙන්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ මාගා ඉංජිනේරු ආයතනයේ තාක්ෂණික ඉංජිනේරු දැනුම භාවිතා කරමින්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ ශ්‍රම දායකත්වය ලබාදෙමින් මෙම “අපේක්ෂාවේ යථාර්තය” නම්වූ විශේෂ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්තුමාගේ අධික්ෂණය හා උපදෙස් අනුව සිවිල් අරක්ෂක සාමාජිකයින්ගේ දැඩි උනන්දුව හා කැපවීම මත සිව් මසක් වැනි කෙටිකාලයක් තුළදී මෙම වාට්ටුවේ ඉදිකිරීම් කටයුතු ඉතා සාර්ථක අයුරින් අවසන් කිරීමට හැකි විය.