සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ලමාහේවාගේ මැතිතුමා නව ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව 2021 අගෝස්තු මස 01 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි.
මෙහිදී අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමිපාණන්, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් හා මිහින්තලය රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව මිරිසවැටිය, ජේතවනාරාමය, අභයගිරිය, ථූපාරාමය, ලංකාරාමය, ඉසුරුමුණි රාජමහා විහාරය හා ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය යන විහාරස්ථාන වෙත ගොස් ඒවායෙහි විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මුණගැසී ආශිර්වාද ලබා ගත්තේය.
අධ්යක්ෂ ජනරාල්තුමන් මෙම සංචාරයේදී ලංකාවේ විශාලත්වයෙන් වැඩි සෑයන් අතර හතරවැනි ස්ථානයට පත්වන සඳහිරු සෑරදුන්ගේ ඉදිකිරීම් කටයුතු පිළිබඳවද නිරීක්ෂණය කලේය. ජිවිත පූජාවෙන් අප රට බේරාදුන් රණ විරුවන් වෙනුවෙන් ඉදිකරනු ලබන සඳහිරු සෑරදුන් ඉදිකිරීම් සඳහා ත්‍රිවිධ හමුදාව හා එක්ව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් විශාල ශ්‍රමයක් වැයකරනු ලබන අතර, එම ශ්‍රම දායකත්වය පිළිබඳව අධ්යක්ෂ ජනරාල්තුමාගේ ඇගයීමට ලක්විය.