අස්ගිරි මහා විහාරවාසී කර්මාචාර්ය නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ යටිහගල රජමහා විහාරාධිකාරී කූරගල රජමහා විහාරයේ විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ මැතිතුමා විසින් යලි පිබිදෙන කූරගල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා සිවිල් ආරක්ෂක භටයින්ගේ ශ්‍රම දායකත්වය ලබා දෙන ලදි.
ඒ අනුව කූරගල කඳවුරෙහි අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක ටිකේආර්ඩබ්එස් බණ්ඩාරගේ අධීක්ෂණය යටතේ මෙම පූජා භූමියේ ඉදිකිරීම් කටයුතු සඳහා සිවිල් ආරක්ෂක භටයින් 50 දෙනෙකුගේ ශ්‍රම දායකත්වය ලබා දෙනු ලබයි.