හිටපු අධ්යක්ෂ ජෙනරාල්
ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා වන චන්ද්‍රරත්න පල්ලේගම මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ප්‍රවීන සහ කුසලතා සපිරි පරිපාලකයෙකි. ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා ලෙස වැඩ භාර ගැනිමට පෙර බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස ඔහුගේ වසර දෙකකට ආසන්න සේවා කාලය පරිපාලන කුසලතා පිළිබඳ මාහැඟි සාක්ෂියකි.
පල්ලේගම මහතා 1962 දෙසැම්බර් 3 වන දින උතුරු මැද පළාතේ උපත ලැබීය. සිය ගමේ පාසල වූ ගිරිතලේගම මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරු ඔහු 7 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව පොලොන්නරුව රාජකීය විදුහලට ඇතුලත් විය. 1984 වසරේදී උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සරසවි වරම් ලැබූ එතුමා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව 1989 සැප්තැම්බර් 5 වනදා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණක පරීක්ෂකවරයකු ලෙස රාජ්‍ය සේවයට එක්විය ඉන් අනතුරුව 1995 වසරේ පැවැති ශ්‍රී ලංකා පරිපාලන සේවා විවෘත විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්වෙමින් 1995 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට බැඳුණි. සහකාර මැතිවරණ කොමසාරිස්වරයකු ලෙස පත්කරනු ලැබූ ඔහු පුරා වසර 12 ක් පුරා මැතිවරණ දෙපාර්තමේන්තුව යටතේ අනුරාධපුර, කලුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ප්‍රශංශාත්මක සේවයක නිරතවුණි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සේවා කාලය තුළ ජ්‍යෙෂ්ඨ තනතුර රැසක් හොබවමින් අත්දැකීම් සම්භාරයක් එක්රැස් කරගැනීමට එතුමාට හැකි විය. මැතිවරණ දෙපාර්තමේන්තුවේ වසර 12 ක කීර්තිමත් සේවා කාලයකින් අනතුරුව, ජනතාවට වඩා සමීපව සේවය කිරීමට තිබූ කැමැත්ත නිසාම පල්ලේගම මහතා ප්‍රාදේශීය ලේකම්වරයකු ලෙස සේවය කිරීමට ඉදිරිපත් විය. මහරගම, ශ්‍රී ජයවර්ධනපුර සහ කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වසර හතරකට වැඩි කාලයක් ඔහු සේවය කරන ලදී. සිය කණ්ඩායමේ සිටි විශිෂ්ඨතම පරිපාලකයකුවූ පල්ලේගම මහතා වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්කරනු ලැබූ අතර මාස 18කට වැඩි කාලයක් එම තනතුරේ කටයුතු කරන ලදී. 2012 ඔහුගේ වෘත්තීය ජීවිතයේ කාර්ය බහුල වර්ෂයක් විය. ඔහුගේ පරිපාලන හැකියාවන් නිසාම එම වසරේ ජූලි මාසයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඊළඟ කොමසාරිස් ජෙනරාල් ලෙස පත්කිරීමේ අරමුණ ඇතිව අදාළ අත්දැකීම් ලබා ගැනිමට හැකිවනු පිණිස ඔහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ලෙස පත්කරනු ලැබිය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වඩා සංවිධානාත්මක සහ එහි කටයුතු වඩා හොඳින් නියාමනය කරනු පිණිස 2012 සැප්තැම්බර් මාසයේදී ඔහු එම අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් ලෙස පත් කරන ලදී. ඉන්පසු 2012 දෙසැම්බර් මාසයේදි අතිගරු ජනාධිපතිතුමන්ගේ ලේකම් විසින් ජාතික අධ්‍යාපන කොමිසමේ ලේකම් ධුරය සදහා පුද්ගලිකවම ඔහු තෝරා ගන්නා ලදී. එම තනතුරේ මාස තුනක් පමණක් සේවය කිරීමෙන් අනතුරුව පල්ලේගම මහතා ශ්‍රි ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 14 වන කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස උසස් වීමක් ලැබීය. එම තනතුර දැරූ කාලයේදී, ඉතා දැඩි විනයක් පවත්වාගෙන යාමට ඔහු සමත් වූ අතර බන්ධනාගාර රෙගුලාසි සහ ප්‍රමිති නිසි ලෙස ක්‍රියාත්මක කරමින් බන්ධනාගාරවල තත්වය පෙර නොවූ විරූ මට්ටමකට ඉහළ නංවන ලදී. බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිලධාරීන් සඳහා නව වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම, සියලු නිලධාරීන් සඳහා උසස්වීම් මට්ටම් නියාමනය කිරීම සහ නව වාහන ලබාගැනීම සිදූ වූයේ ඔහුගේ ප්‍රධානත්වයෙනි.
පරිපාලන සේවයේ ඉහළම නිලධාරියකු ලෙස සේවය කරන අතරම පල්ලේගම මහතා තව දුරටත් සිය උසස් අධ්‍යාපන කටයුතු නොකඩවා සිදු කරමින් 2001 වසරේදී රජරට විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගන්නා ලදී. පසුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස කටයතු කිරීමේදී සමාජ විද්‍යා විෂය කෙරෙහි මහත් අවධානයක් යොමුකළ එතුමා 2013 වසරේදි කැළණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්තේ විශිෂ්ඨ කුසලතා ප්‍රදර්ශනය කරමිනි. ඊට අමතරව එතුමා ශ්‍රි ලංකා ගණකාධිකාරි තාක්ෂණවේදීන්ගේ සංගමයේ ආශ්රිත සාමාජිකත්වය දරයි. මහරගම ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු රාජ්‍ය පරිපාලන සහ ස්වදේශිය කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ සමස්ත ලංකා කළමනාකරණ තරඟයෙන් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර බස්නාහිර පළාත් සභාව විසින් පවත්වන ලද කෘෂිකර්ම තරඟයෙන් දිස්ත්‍රික් මට්ටමේ පළමු ස්ථානයත් පළාත් මට්ටමේ තෙවන ස්ථානයත් දිනා ගනිමින් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිවයෙනේ හොඳම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත්කරන ලදී. සිය රාජ්‍ය සේවය කළ දින සිටම එතුමා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයකු වු අතර පිට පිට වසර තුනක් එම සංගමයේ මහාලේකම් වරයා ලෙස තෝරා පත්කර ගන්නා ලද අතර එහි උප සභාපති ලෙස ද කටයුතු කරන ලදී. තවද, පල්ලේගම මහතා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ (සාගින්නෙන් තොර ශ්‍රී ලංකාවක් සඳහා ව්‍යාපාරය) අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ අතර දිවයිනටම බලපාන ලෙස සාම විනිසුරුවරයකු ද වේ.
සිය වෘත්තියට අමතරව ඔහු වත්මනෙහි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ලෙස කටයුතු කරයි. රාජ්‍ය පරිපාලන සේවයේ වසර 26 කට වැඩි නොකැලල් සේවා ඉතිහාසයක් ඇති පල්ලේගම මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවය බිහිකළ විශිෂ්ඨතම නිලධාරියෙකි. ලක්මිණි පල්ලේගම මහත්මිය සමග විවාහ වී සිටින ඔහු දෙදරු පියෙකි. ඔහුගේ පුත් කසුන් දැනට උසස් අධ්‍යාපනය හදාරමින් සිටින අතර දියණිය චමත්කා තවමත් පාසල් අධ්‍යාපනය හදාරයි. සිවිල් සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ලෙස ඔහු රාජකාරී භාරගනු ලැබූයේ 2015 පෙබරවාරි 12 වනදාය.
චන්ද්රරත්නපල්ලේගමමහතා
(විද්‍යාවේදී, පීජීඩී, එම්ඒඒටී, ශාස්ත්රති)