අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් සහ අගමැති රනිල් වික්රමසිංහ මහතා ඇතුලු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර පැවති 70 වන රාජ්ය නිදහස් සැමරුම් උත්සවය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සම්මාන පෙළපාලිය අභිමානවත් අයුරින් ගමන් කලේය.
දෙපාර්තමේන්තු ධජය පෙරටු කරගනිමින් පෙරදිග තූර්යය වාදක කණ්ඩායම මෙම සම්මාන පෙළපාලියේ ගමන් ගත් අතර කටුනායක බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ලිලාන් රන්චාගොඩගේ අණදිම යටතේ නිලධාරින් 14ක් සහ භටපිරිස් 499ක් සහභාගි විය.