සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලබන පාසල් දරුවන් සඳහා අභ්‍යාස පොත් ලබා දීමේ ව්‍යාපෘතිය යටතේ අටවන වරටත් සංවිධානය කළ 2018 වර්ෂය සඳහා අභ්‍යාස පොත් ප්රදානය කිරීම ගරු ආරක්ෂක ලේකම්, ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මැතිතුමා සහ ශලනි වෛද්‍යරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2017 දෙසැම්බර් මස 22 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විය.
ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්, ආචාර්යය එන්ජී පණ්ඩිතරත්න (සිවිල් ආරක්ෂක සහ සංවර්ධන* ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි අනෝමා ජයම්පති මැතිණිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණවර්ධන, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ලක්ෂ්මී පල්ලේගම මැතිණිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මැතිතුමා, අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු, සියලූම අධ්යක්ෂ මණ්ඩලය, සියලූම බලකා/උප බලකා/පුහුණු පාසල් අණදෙන නිලධාරිතුමන්ලා සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුලූ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරින් දිස්ත්‍රික් නිලධාරින් සහ භට/භටවරියන් සහභාගි වූහ.