සිවිල් ආරක්ෂක අන්තර් බලකා පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය අම්පාර සහ වෙන්නවත්ත කණ්ඩායම් දෙක අතර 2017 නොවැම්බර් මස 23 දින කොම්පඤ්ඤ වීදිය සිටි ලීග් ක්රීඩාංගණයේදී පැවැත් විය. සිවිල් ආරක්ෂක අන්තර් බලකා අවසාන මහා තරඟයේ ශූරතාව වෙන්නවත්ත කණ්ඩායම ලබා ගත් අතර, අනු ශූරතාව අම්පාර කණ්ඩායම ලබා ගන්නා ලදි.