හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යයේ හතරවන දිනය වූ මැයි මස 13 දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් වෙන් විය.
ගංගාරාම විහාරස්ථානයේ සිට සීමා මාලකය දක්වා ධාතුන් වහන්සේලා වඩම්මවා පූජෝපහාර දැක්වීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධක්ෂක ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා, අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ලක්ෂ්මී පල්ලේගම මහත්මිය, අධ්යක්ෂ මණ්ඩලය ඇතුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි.
පුජෝපාහාර පෙරහැරින් අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශය මගින් වෙසක් බැති ගී සරණිය ඉදිරිපත් කරන ලදි. බලකා මූලස්ථාන මටට්මින් වෙසක් පහන් කූඩු රාශියක්ද මහජනයා වෙනුවෙන් ප්‍රදර්ශනය කළහ.