ජපන් ජබර, සැල්වීනියා සහ පාසි ශාකයන්ගෙන් වැසී තිබුණ කරඹවැවෙහි අක්කර 04ක පමණ ප්රමාණයක එම ශාක ඉවත් කර සුද්ධ කිරීම 2017-04-29 දින අධ්යක්ෂ ජනරාල් චන්ද්රරත්න පල්ලේගම මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වූ අතර, මැදවච්චිය බලකා මූලස්ථානයේ භට පිරිස් 50ගේ සහ පුත්තලම බලකා මූලස්ථානයේ භට පිරිස් 150ගේ ශ්රමදායකත්වය මේ සඳහා ලබා දුන්හ.
අධ්යක්ෂ ජනරාල් තුමාගේ උපදෙස් පරිදි පුත්තලම බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරි ලූතිනන් කර්නල් වයිඑම් පුංචි බණ්ඩාර නිලධාරි තුමාගේ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද හොරුවිල අනුකලාප කාර්යාලය විවෘත කිරීම අධ්යක්ෂ ජනරාල් තුමාගේ සුරතින් සිදු කරන ලදි.